එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය

November 18, 2019

මැතිවරණ කොමසාරිස් ඇතුළු සියලූ නිලධාරීන්ට කිසිදු ආකාරයක දේශපාලන බැලපෑමකින් තොරව නිදහස් සහ සාධාරණව කටයුතු කිරීමට හැකි පරිසරය අප නිර්මාණය කළ නිසා මෙවර ජනාධිපතිවරණය ඉතා සාමකාමීව හා සාධාරණ ලෙස පැවැත්වීමටත්, ඡන්දදායකයින්ට බියෙන් සැකෙන් තොරව ඡන්ද පොළ වෙත ගොස් තම අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමටත් අවස්ථාව උදාවිය.

ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් අප ඇති කළ මේ ගෞරවණීය ක්‍රමවේදය තවදුරටත් ආරක්‍ෂාවනු දැකීම අපගේ බලාපොරොත්තුව වන අතර, එවැනි පරිසරයක නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සියලූ ඡන්දදායකයින්ට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ සහ මාගේ ස්තූතිය පළ කර සිටිමි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට එය අවසන් වනතුරු කැපවීමෙන් ක්‍රියා කළ මැතිවරණ කොමසාරිස් ඇතුළු එම කාර්ය මණ්ඩලය ප්‍රමුඛ රාජ්‍ය සේවකයින්ටත්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් සියලූ පාර්ශ්වයන්ටත්, සාමය ආරක්‍ෂා කිරීමට සහය වූ සියලූම ජනතාවටත්, මාගේ කෘතඥතාව පළ කිරීම ද මෙය අවස්ථාවක් කර ගනිමි. 

t

o

p