තන්තිරිමලේදී එජාප පාක්ෂිකයන්ට වෙඩි ප්‍රහාරයක්

November 16, 2019

පුත්තලම සිට මන්නාරම සිලාවතුර ප්‍රදේශයට එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රවාහණය කරමින් තිබූ ලංගම බස් රථයකට අද අලුයම තංතිරිමලේ බෝගොඩ සපත්තු පාලම අසලදී කිසියම් පිරිසක් ගල් ගසා වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි කියමින් ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. මේ අතර පහරදුන් පුද්ගලයන් විසින් ස්ථාන කිහිපයකදී මාර්ගයට විශාල ගස් යාන්ත්‍රික කියත් භාවිතයෙන් කපා පෙරලා මාර්ගය ද හරස් කොට ඇත.

සෙට්ටිකුලම පොලිසියට ලැබුණු එම පැමිණිල්ල තන්තිරිමලේ පොලිසියට යොමු කර ඇති අතර පොලිසිය කළ ස්ථාන පරීක්ෂාවකදී පෙනී ගොස් ඇත්තේ සිවිල් ආරක්ෂකයන් සිටින කුටියක් ද ඊට නුදුරින් තිබී ඇති බවයි.

මුස්ලිම් ජාතික පිරිසක් මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවත් එමගින් ජාතිවාදය අවුස්සා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට බාධා පැමිණවීම ප්‍රහාරය එල්ල කල අයගේ අපේක්ෂාව වී ඇති බව එහි ගිය කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා මාධ්‍යවේදීන්ට පැවැසීය..

මේ වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැතැයිද ඒ වෙනුවෙන් කඩිනමිව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව තන්තිරිමලය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතා පැවැසීය.

t

o

p