ගෝඨාභය වැඩි ඡන්ද ලක්ෂ 13 කින් ජනපතිධුරයට

November 17, 2019

07 වන විධායක ජනාධිපතිවරයා  තෝරා පත්කරගැනීම සඳහා වු ඡන්ද විමසීම ඊයේ(16) දිනයේ පැවත්වු අතර ඒ සඳහා එක් කෝටි පනස් නව ලක්ෂ 92,096ක් සුදුසුකම් ලබා තිබුණි.

ඡන්ද 69 ලක්ෂ 24,255ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 52යි දශම දෙකයි පහක ප්‍රතිශතයක් ලබාගැනීමට සමත්ව තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද පනස් පන් ලක්ෂ හැට හතරදාස් දෙසිය තිස් නවයක් ලබා ගනිමින් සියයට 41යි දශම නවයයි නවයක ප්‍රතිශතයක් හිමිකර ගනු ලැබීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 13 ලක්ෂ 60,016ක් ලබාගැනීමට සමත් විය.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වු ප්‍රධාන අපේක්ෂකයින්ට අමතරව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාට සහ හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට වැඩි අවධානයක් යොමුවිය.

t

o

p