2019 ජනාධිපතිවරණයේ විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමට එක්කෝටි 59 ලක්ෂ 92,096 කගේ තිරණය අද

November 16, 2019

7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම සඳහා වන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද(16) උදෑසන 7ට දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ආරම්භ කෙරුණි.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්.

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් වූ 8 වැනි ජනාධිපතිවරණය අද උදෑසන 7ට ආරම්භ කෙරුණි.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වි ඇති අතර එය මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවයි.

t

o

p