අගමැති ඡන්දය ප්‍රකාශ කරයි

November 16, 2019

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) පෙරවරුවේ සිය ඡන්දය කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ප්‍රකාශ කර තිබේ.

මේ වන විට ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු මැති ඇමතිවරුවන් රැසක් සිය ඡන්දය භාවිත කර ඇත.

ජනාධිපතිවරයා පොළොන්නරුව ශ්‍රි විද්‍යාලෝක විහාරස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන ඩී.ඒ රාජපක්ෂ විද්‍යාලයේ දී සිය ඡන්දය භාවිත කර ඇත.

t

o

p