තිරිගු පිටි මිළ ඉහල දැමීමේ අසත්‍ය කථාව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක්

November 15, 2019

තිරිගු පිටි මිළ ඉහල දැමීමේ අසත්‍ය කථාව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇතැයි ජීවන වියදම් කම්ටුවේ සභාපති කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා 15 අද අනුරාධපුර පැවැති පුවත්පත් සාකච්ඡාවේදී පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

සාමාන්‍යයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිළ වැඩිවීමක් වෙනවා නම් මුලින්ම පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කරන්න ඕනි. එතනින් පස්සේ කැබිනට් මණ්ඩලය අනුමත කරපු ජීවන වියදම් කමිටුවක් තියෙනවා. ඒකේ කැබිනට් ඇමතිවරු කීපදෙනෙක්ම ඉන්නවා. ඒ කමිටුව මගින් නිර්දේශය ලබාදුන්නායින් පස්සේ කැබිනට් මණ්ඩලය අනුමත් කරලා තමයි මිළ වැඩිවීම් සහ අඩුකිරීම් සිද්ධවෙන්නේ, මෙතෙක් කල් සිදුවෙලා තියෙන්නෙත් එහෙමයි.

අපි පහුගිය දවස්වල භාණ්ඩ කීපයක මිළ වැඩි වීම් සහ අඩුවීම් දිගටම සිදුකලේ මේ කමිටුවේ තීන්දුව මතයි. හැබැයි මේ වනතුරුත් අපි ගිය සතියේත් ජීවන වියදම් කමිටුව රැස්වුණා.ඒ වෙලාවෙදිත් ජීවන වියදම් කමිටුවට හෝ පාරිභෝගික අධිකාරියට පිටි මිළ වැඩි කිරීම සම්බන්ධයෙන් එතුමන්ලා ඒ සමාගම් අපෙන් ඉල්ලීමක් කරලා තිබුණේ නෑ.

මීට කලින් මාස ගණනාවකට ඉස්සෙල්ලා නම් ඒ විදියට ඉල්ලීම් කරලා තිබුණා. ඒත් ඒක විවිධ හේතූන් නිසා ඒ ආව ක්‍රමවේදය වරදි නිසා ඒක යටපත් වීමක් සිදු වුණා. ඒත් අපට පදුමයක්‍ තියෙන්නේ හදිසියේම හෙට රටේ මේ දැවැන්ත මැතිවරණයක් සිදුවෙන අවස්ථාවකදී අද මධ්‍යම රාත්‍රිෙය් සිට පිටි මිළ වැඩි වීම සම්බන්ධයෙන් කෙටි පණිවුඩ සහ මාධ්‍ය හරහා දැනුවත් කිරීම මට හිතෙනවා මේ සම්බන්ධයෙන් දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවද කියන එකත් අපට සැකයක් තියෙනවා. එහෙම නැතුව ඒ ක්‍රමවේදයේ පිටින් ගිහිල්ලා ඒ ඒ සමාගම් වලට මිළ වැඩිකිරීම් සිදුකරන්න හැකියාවක් නෑ.


හැබැයි ඒත් අද හවස්වන විට ජීවන වියදම් කමිටුවේ ලේකම්වරියටත් ලිඛිතව සහ වාචිකව ඒ සමාගම් කියලා තියෙනවා පිටි මිළේ වැඩිවීමක් සිදුවෙන්නේ නැහැ කියලා. ඒ නිසා සමස්ථ රටේම ඉන්න බේකරි හිමියන්ට සහ විශේෂයෙන්ම පිටි පරිභෝජනය කරන ජනතාවට මම කියන්න කැමතියි පිටි මි‍ළේ කිසිදු වැඩිවීමක් සිදුවෙන්නේ නෑ. හෙට හෝ අනිද්දා හෝ රජය යම්කිසි තීන්දුවක් ගන්නකන් එහෙම කිසි දෙයක් සිදුවෙන්නේ නෑ. මම හිතන්නේ රජය එහෙම තාම තීන්දුවක් ගැනීමට අවශ්‍ය කටයුතු කරලත් නෑ.

ඒ නිසා සමස්ථ රටවැසි සියලු දෙනාගෙන්ම පිටි පාරිභෝජනය කරන වගේම බේකරි හිමියන්ටත් කියනවා පිටි මිළේ කිසිදු වැඩිවීමක් නෑ. ඒ නිසා ඒ ගොල්ලන්ගේ භාණ්ඩ සහ අනිත් දේවල් වැඩිකිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියන එක බොහොම වගකීමෙන් ජීවන වියදම් කමිටුවේ සභාපතිවරයා හැටියට මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතයි. ඒ වගේම තමයි මේ අවස්ථාවේ මෙවැනි ක්‍රියා තුලින් ජනතාව නොමග යැවීමේ බලාපොරොත්තුවෙන් යම්කිසි කෙනෙක් මේ විදියට යම් යම් තීන්දු අරන් තියෙනවා නම් ඒක අපි තරයේ හෙලා දකිනවා විතරක් නෙමෙයි ඒ අය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතුත් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.


මේ ජනාධිපති මැතිවරණෙන් පස්සෙත් පවතින්නේ මේ දැන් තියෙන රජයමයි. මොකද දැනටමත් උසාවියෙන් නියෝගයක් දීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය තියෙන්නේ අවුරුදු හතරහමාරක් වෙනකන් දැන් පවතින රජය තියෙනවයි කියලා. පහුගිය කාලේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. ඒ නිසා ජනාධිපති මැතිවරණෙන් පස්සේ පවතින්නෙත් මේ රජයම නිසා අපි රජය හැටියට බොහොම වගකීමෙන් කියනවා එවැනි කිසිදු ක්‍රියාමාර්ගයකට අපි ඉඩතියන්නේ නෑ.

ඒ වගේම තමයි ඒ සමාගම් වලට යම්කිසි ප්‍රශ්ණයක් තියෙනවා නම් පාරිභෝගික අධිකාරියත් ජීවන වියදම් කමිටුවත් ඒ වගේම කැබිනට් මණ්ඩලයත් එක්රැස් කරලා ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය නීත්‍යාණුකූලව ගත හැකිව තියෙනවා. ඒසේ නොකර අද මධ්‍යම රාත්‍රියේ කියලා හෙට ඡන්දය පවත්වන අවස්ථාවේ මේක ඡන්දය ඉලක්ක කරගෙන කරපු කුමන්ත්‍රණයක් හැටියටයි අපි දකින්නේ මේ පිටිමිළ වැඩි කිරීම.

ඒ නිසා අපි කිසිසේත්ම ඒවගෙ අළෙවි නියෝජිතයෝ කවුරුහරි කෙනෙක් එහෙම ක්‍රියාමාර්ගයක් ගත්තොත් පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශය යොදවලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරන්න රජය මැදිහත්වෙලා කටයුතු කරනවා කියන එකත් මතක් කරනවා. කිසිසේත්ම එවැනි වැඩිවීමකට ඉඩකඩ තියන්න අපි ලෑස්තියක් නෑ කියන එකත් මම මේ අවස්ථාවෙදි මතක් කරන්න කැමතී.


දැනටමත් ඒ පිටි සමාගම් සම්බන්ධයෙන් අපේ ජීවන වියදම් කමිටුවේ ලේකම්තුමිය කතාකරලා තියෙනවා එතුමියට ඒ සමාගම් වලින් ලිඛිතව සහ වාචිකව ඒ සමාගම් ප්‍රකාශ කරලා තියෙනවා කිසිසේත් පිටි මිළ වැඩිකිරීමක් සිදුවෙන්නේ නෑ කියලා. ඒ වගේම තමයි කෙටි පණිවිඩ දැනුම් දීමටත් ඒගොල්ලෝ ඒ කලින් ගත්ත ක්‍රියාමාර්ගය නිවැරදි කරලා ඒ කෙටි පිණිවිඩ හරහා දැනටමත් ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

t

o

p