නොවැම්බර 16 වන දා ජනතාව ගත යුතු තීරණය

November 14, 2019

නොවැම්බර 16 වන දා ජනතාව ගත යුතු තීරණය වන්නේ මුළු රටම ධර්මද්වීපයක් කරලීමට සජිත් ප්‍රේමදාස මහතා පත් කරගන්නවා ද, නැතිනම් හැම නිවසක්ම මස් මඩුවක් හා මස් කඩයක් කරන බවට ප්‍රතිඥා දී ඇති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත් කර ගන්නවා ද යන්න බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

12 වන පොහෝ දිනයේ අනුරාධපුර සහ කුලියාපිටියේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි අමතමින් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 44 වන පිටුවේ මෙසේ සඳහන් වන බවයි.

“ගෘහාශ්‍රිත වස විසෙන් තොර මස් විකිණීමට වෙළෙඳ සැල් ආරම්භ කිරීම සඳහා මූල්‍ය හා තාක්‍ෂණික ආධාර ලබාදෙනු ලැබේ.”

මේ අනුව සෑම නිවෙසකම මස් මඩුවක් හා මස් කඩයක් දැමීම සඳහා ණය ආධාර ලබා දීම රාජපක්‍ෂ මහතාගේ අපේක්‍ෂාව බව පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා, බුදු දහමේ ආරක්‍ෂකයන් වශයෙන් පෙනී සිටින්නන්ගේ සැබෑ කෙරුවාව මේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් රටටම එළි වී ඇති බව ද අවධාරණය කළේය.

එහිදී වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“අද පොහොය දිනයක් වුවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පවත්වන අපේ රැස්වීම්වලට අති විශාල පිරිසක් සහභාගීව සිටිනවා. පොහොය දිනයේ අපි ආණ්ඩුවේ මුදල් වැය කර දන්සැල් පවත්වන්නේ නැහැ. සිල් රෙදි බෙදා දී මැතිවරණ ජයග්‍රහණය කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ.

බුදු දහම පෝෂණය කිරීම වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් සිදු කළා. ඒ අනුව ඓතිහාසික මිහින්තලා පුදබිම ජාතික උරුමයක් බවට පත් කළා. ත්‍රිපිඨකය ජාතික උරුමයක් බවට පත් කළා. මහා සංඝ රත්නය වෙනුවෙන් බුදුපුත් සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමය ආරම්භ කළා. එපමණක් නොව, බුද්ධ සාසන, සංස්කෘතික සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශ මගින් බෞද්ධ සිද්ධස්ථානවල දියුණුව සඳහා රුපියල් මිලියන 4000 ක් පමණ පසුගිය කාලයේ වැය කළා. බුදු දහම ආරක්‍ෂා කිරීම සඳහා තවත් වැඩ සටහන් විශාල ප්‍රමාණයක් අප ක්‍රියාත්මක කළා.

නමුත් ගෝඨාභය රාජපක්‍ෂ බුදු දහම වෙනුවෙන් සිදු කර තිබෙන සේවය කුමක්ද කියා අප දැන ගැනීමට කැමතියි. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අංක 44 යටතේ ඒ ගැන පැහැදිලි කර තිබෙනවා. එම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම නිවසක්ම මස් කඩයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්ව සිටියත්, ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත්ව සිටියත් මස් කඩ සංස්කෘතියෙන් ඈත් වී නැතැයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.”

t

o

p