සමාජ මාධ්‍ය පිලිබදව අවබෝධයක් නොමැති මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් නිසා සමාජ මාධ්‍ය වාරණය වන ලකුණු

November 14, 2019

සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල හැසිරීම සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් විසින් ෆේස්බුක් අධිකාරියෙන් ඉල්ලීමක් සිදු කරමින් දක්වා තිබෙන කරුනක් සම්බන්ධව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇත. ඊයේ (13) මධ්‍යම රාත්‍රී 12න් පසුව නිමවන ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල සිදුවීම වැලක්විය නොහැකි කරුණක් බැවින් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය තුල මුදල් ගෙවා ප්‍රචාරණය වන දැන්වීම් නැවත්වීම සුදුසූ බව එක්තරා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් විසින් විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියට යෝජනාකොට ඇත.

ෆේස්බුක් යනු එක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් පමණක් වන අතර එම සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුලින් සාමාන්‍ය ජනයාද තමන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය සදහා  මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරණය සිදුකරන බව සිහිපත් කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය එම මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට මතක් කරදීමට කැමැත්තෙමු.

සමාජ මාධ්‍ය වාරණය හෝ  සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත යම් අවහිරතා ඇති කිරීම සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පර්ශිලකයන්ට හිමිවී තිබෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් ලස අප සංවිධානය දකින්නෙමු. සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල හැසිරීම පිලිබදව නිසි අවබෝධයක් නොමැතිව සමාජ මාධ්‍ය වෙබ් අඩවි යම් වාරණයකට ලක් කරගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අප එම මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට අප සංගමය බලවත් අප්‍රසාදය පළකරමු.

එමෙන්ම මෙකි වාරණයන් නිසාවෙන් එම මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම බලාපොරොත්තු වන ආකාරයේ ජනාධිපතිවරණය කෙරෙහි සමාජ මාධ්‍ය මගින් සිදුවන අහිතකර බලපෑම් අඩුවීමක් ඇති වුවද සමස්ථයක් වශයෙන් ජනාධිපතිවරණය පදනම් කරනොගත් අනෙකුත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සියල්ලක්ම කෙරෙහි අහිතකර බලපෑම් එල්ලවීම වැළක්විය නොහැකි කරුණකි.

සිදුකල යුත්තේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පලවන දැන්වීම් පාලනය කිරීමට කටයුතු කිරීම නොව  ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුනොකළ යුතු අවස්ථාවේ ප්‍රචාරණ කටයුතුවල නිරතවන සමාජ මාධ්‍ය පිටු හදුනාගෙන එම සමාජ මාධ්‍ය පිටු මෙහෙවන්නන් හට ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ පනතෙහි සදහන් ආකාරයට මැතිවරණ කොමිසම විසින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීම බවත් අප සංගමය එම මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම වෙත අවධාරණය කරමු.

සමාජ මාධ්‍ය අවභාවිතා පිලිබදව දැනට වාර්තාවීම් 821ක් අප සංගමය වෙතට ලැබි ඇති බවත් යම් වර්තාවීම් සම්බන්ධයෙන් කඩිනම් පියවර ලබාගැනීමට අප සංගමයට හැකිවී ඇති බවත් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල ක්‍රියාකාරීත්වය පිලිබදව අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා සමාජ මාධ්‍ය වාරණයක් යම්හෙයිකින් සිදුවුවහොත් එහි වගකීම අදාළ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විසින් බාරගතයුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස අවධාරණය කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  

 සභාපති                                                                

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

t

o

p