ජනාධිපතිවරණය සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ

November 15, 2019

හෙට පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද උදෑසන ආරම්භ කෙරේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් තුන් ලක්ෂකට ආසන්න පිරිසක් සහභාගී වන බවයි.

අපේක්ෂකයින් 35 දෙනෙකු තරග වදින මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට උදෑසන 7 ට ආරම්භ වීමට නියමිතයි.

t

o

p