පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරය 11 වනදා

November 8, 2019

ස්ථාවර නියෝග 16 යටතේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන නොවැම්බර් 11 වනදා පෙරවරු 11.30 සි‍ට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කරනු ලැබීය.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගනු ලැබූ අතර ඒ අනුව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත එදින විවාදයට ගනු ඇත.

මෙයට අමතරව නවෝත්පාදන නියෝජිත ආයතනය පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා එදිනට ඉදිරිපත් කෙරේ.

පාර්ලිමේන්තුව නොවැම්බර් 07 වනදා පැවැත්වීමෙන් පසු දෙසැම්බර් 03 වනදා දක්වා කල් තැබීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව මීට පෙරදී තීන්දු තිබුණද ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත වහා විවාදයට ගත යුතු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් දිගින් දිගටම ඉල්ලා සිටියහ.

t

o

p