නිදහස් අධ්‍යාපනය මෙරටින් මුළුමනින්ම අතුගා දැමීමේ සැලැස්මක්

November 7, 2019

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවකාරී පරිවර්තනයකට හේතු වූ අධ්‍යපන විද්‍යා පීඨ අහෝසි කර, ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් බලගන්වන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන බවත්, ඔවුන් මේ උත්සාහ කරන්නේ නිදහස් අධ්‍යාපනය මෙරටින් මුළුමනින්ම අතුගා දැමීමේ වැඩ සැලැස්මක් ආරම්භ කිරීමට බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නොදියුණු පාසැල් ඒ අයුරින්ම පවත්වාගෙන යෑමේ වැඩ පිළිවෙලක් රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ක්‍රියාවට නැංවීමට යෝජනා කර ඇති බව තමා මීට කලින් පෙන්වා දුන් බව සිහිපත් කළ වික්‍රමසිංහ මහතා, අද වන තුරු ඊට පිළිතුරු සැපයීමට ඔවුන් අසමත් වී ඇති බව ද සිහිපත් කළේය.

අධ්‍යාපන විද්‍යා පීඨ අහෝසි කිරීමට අමතරව නොමිලේ පාසැල් නිල ඇඳුම් ලබා දීමේ ක්‍රමය අවසන් කරන බව ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව ඇති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කොට තව තවත් පුළුල් කිරීමට ලබන නොවැම්බර 16 වනදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් කරගත යුතු බවයි.

1947 සිට දුප්පත් පොහොසත් භේදයකින් තොරව මෙරට සිසු පරපුරට හැකියාවෙන් හා දක්‍ෂතාවයෙන් පෙරට පැමිණීමට මාර්ග විවර කළ නිදහස් අධ්‍යාපන ක්‍රමය අහෝසි කරලීම වළක්වාලීමට අත්වැල් බැඳගන්නා ලෙස ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

t

o

p