විද්‍යාපීඨ වසා දැමු පුස කරන්නේ කුමක්දැයි වහාම රටට හෙළි කරන්න

November 7, 2019

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 21 වෙනි පිටුවේ  සඳහන් පරිදි විද්‍යාපීඨ වසා දැමු පුස කරන්නේ කුමක්දැයි වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරවෙලදී ප්‍රකාශ කළේය.

විද්‍යාපීඨ වසා දමන බව ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කර ඇතත් විද්‍යාපීඨ වසා දැමු විට කරන්නේ කුමක්ද කියා එහි සදහන් නොවන බවද අග්‍රාමාත්‍යවරයා කීවේය. විද්‍යාපීඨවලින් පිටවූ ගුරුවරුන් 40000 ක් පමණ සිටින බවත් විද්‍යාපීඨ වසා දැමු පසු උසස් පෙළ සමත් සිසුන්ට ගුරුවරුන් වීමේ අවස්ථාව අහිමි වන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් බණ්ඩාරවෙල නගර මධ්‍යයේ මෙම ජනරැළිය පැවැත්විනි.

අත්‍යාවශ්‍ය පාසල් සිසුන් සදහා පමණක් නිල ඇදුම් සහන මිලට දෙන බව ගෝටාභය රාජපක්ෂගේ ප්‍රත්පත්ති ප්‍රකාශයේ සදහන් වේ. එයින් අදහස් වන්නේ පාසල් දරුවන් ලක්ෂ 44 කට නොමිලේ දෙන නිල ඇදුම ඉවත් කොට සහන මිලට නිල ඇදුම් දෙන බවයි. ගෝටාභයගේ අධ්‍යාපන නිදහස මෙයද

පසුගිය වසරේ රාජපක්ෂ කල්ලිය පුද්ගලික නිදහසට පහර දුන්නා මෙවර හදන්නේ නිදහස් අධ්‍යාපනයට පහර දෙන්න

විශ්ව විද්‍යාල සදහා සිසුන් තෝරා ගන්නා ඉසෙඩ්ස්කෝර් ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට පාසල් මට්ටමින් විශ්ව විද්‍යාල සදහා සිසුන් තෝරා ගන්නා බව ගෝටාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වේ. සෑම රටකම විශ්ව විද්‍යාල සදහා සිසුන් තෝරා ගන්නේ ජාතික විභාග ක්‍රමයකට අනුවයි. ඊට දේශපාලනය ආගම ජාතිය ජිවත් වන ප්‍රදේශය බලපාන්නේ නැහැ.

තමන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය අනුව විශ්ව විද්‍යාලයට යන්න සිසුන්ට අවස්ථාව ලැබෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දක්ෂතා අනුව විශ්ව විද්‍යාල යන්න අවස්ථාව නැති කරන බවයි. පාසල් මට්ටමෙන් තෝරා ගන්නේ කෙසේද ඒ කියන්නේ විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරාගන්නේ උස බර අනුවද නැතිනම් පියාගේ වත්කම අනුවද මන්ත්‍රීගේ ලියම අනුවද මෙය රටේ දුප්පත් ජනතාවට ගසන පහරක්

t

o

p