ඔස්ට්‍රේලියාව මාලිංගගේ කණ්ඩායමට දරුණුතම පරාජය උරුමකර දෙයි

October 28, 2019

සංචාරක ශ්‍රී ලංකාව හා සත්කාරක ඔස්ට්‍රේලියාව ඇඩිලේඩ් නුවර පැවැති පළමු විස්සයි20 තරගය ලකුණු 134කින් ජය ගෙන ශ්‍රී ලංකා පිලට දරුණුතම පරාජය උරුමකර දීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරාගත් නායක ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට අභියෝගයක් වන ආකාරයේ පිතිහරඹයක් දියත් කළ ඔස්ට්‍රේලියානු පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 233ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත්වූ අතර ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේ රැස් කිරීමට හැකිවූයේ කඩුලු 9කට ලකුණු 99ක් පමණි.

දෙවැනි විස්සයි20 තරගය ලබන 30දා බ්‍රිස්බේන් නුවරදී පැවැත්වෙයි.

t

o

p