IS නායක ඝාතනය කරයි

October 28, 2019

සැලැසුම් සහගත මෙහෙයුම් කිහිපයකින් ඉකුත් සෙනසුරාදා අයිඑස්අයිඑස් නායක අබු බකර් අල් බෑග්ඩෑඩි ඝාතනය කළ බව අමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ තහවුරු කරයි.

විදෙස් ආරංචි මාර්ගයකින් ප්‍රකාශ කෙරු‍ණේ මෙම ත්‍රස්ත නායකයා ඝාතනය වී ඇතත් තවදුරටත් ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදු කර එය තහවුරු කළ යුතුව ඇති බවයි. අමෙරිකානු හමුදා වැටලීම අතරතුර දී බෑග්ඩාඩි සිය මරාගෙන මැරෙන ඇඳුම පුපුරුවා ගෙන ඇතැයි ද වාර්තා සඳහන් කරයි.

ලොව වැඩියෙන්ම අවශ්‍යව සිටින පුද්ගලයා ලෙස නම් කොට ඇති අයිඑස් නායකයා අල්ලා ගැනීමට අදාල ඔත්තුවක් වෙනුවෙන් ඩොලර් මිලියන 10ක ත්‍යාගයක් නියම කර තිබිණි.

ත්‍රස්ත නායකයා ගැන සති කිහිපයක් තිස්සේ ඔත්තු රැස්කර මෙහෙයුම් දෙක තුනක් සැලසුම් කළ බවත් අවසානයේ සාර්ථක මෙහෙයුම දියත් කළ බවත් මෙම මෙහෙයුම අතරතුර දී රුසියානු ගුවන් කලාපය හරහා පවා ගමන් කිරීමට සිදු වූ බවද ට්‍රම්ප් කීවේය.

අයිඑස් නායකයා සුනඛයකු මෙන් බියගුළු ආකාරයට මියගොස් ඇතැයි කියූ ට්‍රම්ට් රුසියාව, සිරියාව, ඉරාකය සහ සිරියානු කුර්දිවරුන් මෙම මෙහෙයුමට දැක් වූ සහාය ගැන ස්තුතිය පුද කළේය.

t

o

p