සිංගර් අධ්‍යක්ෂ ධූරයෙන් ඔටාරා අස්වෙයි

October 26, 2019

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් කටයුතු කරනු ලබන ඔටාරා ගුණවර්ධන මහත්මිය, 2019 දෙසැම්බර් 31 දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරින් ඉල්ලා අස් වී ඇති බව සිංගර් (ශ්‍රී ලංකා) සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

ඔටාරා ගුණවර්ධන මහත්මිය, සිංගර් ශ්‍රී ලංකා හි විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස 2018 අගෝස්තු 01 දින පත්වීම් ලැබුවාය.

සිංගර් (ශ්‍රී ලංකා) ඉතිහාසයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූ පළමු කාන්තාව ලෙස ද සැලකෙන්නේ ඔටාරා ගුණවර්ධනයි.

ඇය මෙරට ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන ඔඩෙල් හි නිර්මාතෘවරිය වන අතර 2014 වසරේ දී ඔඩෙල් සමාගමේ තමන් සතු හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් පීඑල්සී වෙත මුළුමනින්ම විකුණා දමනු ලැබීය.

වර්තමානයේ දී ඇය Embark නමින් තවත් විලාසිතා සන්නාමයක් බිහිකර ඇත.

t

o

p