ශ්‍රී ලංකා හා ඔස්ට්‍රේලියා හෙට ගැටෙයි

October 26, 2019

සංචාරක ශ්‍රී ලංකා පිල හා ඔස්ට්‍රේලියාව අතර පළමු විස්සයි 20 තරගය හෙට (27) පෙරවරු 9ට ඇඩිලේඩ් ඕවල් පිටියේදී ආරම්භ වෙයි.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර වසර දෙකකට පසු පැවැත්වෙන පළමු තරගය මෙයවීම විශේෂත්වයකි. දෙරට අතර මෙතෙක් විස්සයි 20 ජාත්‍යන්තර තරග 13ක් පවත්වා ඇති අතර එයින් තරග 5ක් ඔස්ට්‍රේලියාව දිනාගනිද්දී ශ්‍රී ලංකාව තරග 8ක් ජයගෙන ඇත.

ශ්‍රී ලංකා සංචිතය – ලසිත් මාලිංග (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනුෂ්කා ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ලා, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, ඔෂධ ප්‍රනාන්දු, වනිදු හසරංග, ඉසුරු උදාන සහ කසුන් රාජිත

ඕස්ට්‍රේලියානු සංචිතය – ඇරොන් ෆින්ච් (නායක), ඇෂ්ටන් ආගාර්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, ග්ලෙන් මැක්ස්වෙල්, බෙන් මැක්ඩර්මොට්, කේන් රිචඩ්සන්, ස්ටීව් ස්මිත්, බිලී ස්ටැන්ලේක්, මිචෙල් ස්ටාර්ක්, ඇෂ්ටන් ටර්නර්, ඇන්ඩෘ ටයි, ඩේවිඩ් වෝනර්, ඇඩම් සැම්පා.



t

o

p