එංගලන්ත පන්දු 100 ක්‍රිකට් තරගාවලි වෙන්දේසියෙන් මාලිංග – ගේල් හැලෙයි

October 22, 2019

විස්සයි විස්ස ආකෘතියේ විශිෂ්ටයන් ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකු එංගලන්තයේ ආරම්භවීමට නියමිත පන්දු 100 නව ක්‍රිකට් තරගාවලියේදී වෙන්දේසි නොවීම හේතුවෙන් ඉවතට විසිවී ගොස් ඇත. බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිස් ගේල් හා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග එංගලන්තයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී කිසිවකු හෝ මිළදී ගැනීමට ඉදිරිපත්ව නැත. විස්සයි 20 තරගවල අංක 1 පිතිකරු බාබර් අසාම් , කීරාන් පොලාර්ඩ්, ඩ්වේන් බ්‍රාවෝ, ක්වින්ටන් ඩි කොක් සහ තමීම් ඉක්බාල් ද මෙහිදී විකිණී නැතැයි මාධ්‍ය වාර්තා කළේය.

මිචෙල් ස්ටාර්ක්, ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර් සහ කගිසෝ රබාඩා සමඟ ගේල් සහ මාලිංග දෙදෙනාම ඔවුන්ගේ මූලික මිල පවුම් 125,000 ක් ලෙස නියම කර තිබුණද එය අසාර්ථකත්වයට පත්ව තිබේ.

t

o

p