ලංකාවේ සංචාරය කරන්න එපා : එක්සත් අරාබි එමීර් රාජ්‍ය

October 22, 2019

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වලකින ලෙස දන්වා මෙරට පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය විසින් සිය රටවැසියන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. 

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසියන් අවශ්‍යම අවස්ථාවන්හිදී හැර ශ්‍රී ලංකාවට නොයා යුතුය. හදිසි අවස්ථාවකදී සිය පුරවැසියන් තානාපති කාර්යාලයට +94 112-301-601 අමතන්න, නැතහොත් විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජාත්‍යන්තර සහයෝගිතා ඇමතුම් මධ්‍යස්ථානය +971 800-444-44 අමතන්න” යනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට පිහිටි තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

ඉකුත් අප්‍රේල් 21 වෙනිදා ශ්‍රී ලංකාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන මෙන් දන්වා සංචාරක තහනමක් පැනවීමට පියවර ගෙන තිබු බවයි ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ.

t

o

p