පෙම්වතුන් හෝ විවාහක යුවලක් අතර පැවැතිය හැකි ඔතෙලෝ සින්ඩ්රෝම්

October 23, 2019

පෙම්වතුන් යුවලක් හෝ විවාහක යුවලක් අතර විවිධ අවස්ථාවලදී අමනාපකම් ඒ වගේම මතවාද සහ එකිනෙකා අතර සැක කිරීම් අවස්ථා බොහෝ සුලභයි. අවස්ථානුකූලව ඇතිවන මෙම තත්වයන් ක්ෂණයෙන් පහව යන්නේ නම් එය ඉතා සාමාන්‍යය වන අතර එය සාමාන්‍යය තත්වය අභිබවා යන්නේ නම් රෝගී තත්වයක් දක්වා වර්ධනය වන අවස්ථා තිබේ. ඔතෙලෝ සින්ඩ්රෝම් (Othello syndrome pathological jelousy) ලෙසයි මෙම තත්වය හදුන්වනු ලබන්නේ.

මෙම රෝගයේ ප්‍රධානතම ලක්ෂණය වනුයේ තම පෙම්වතා හෝ පෙම්වතිය එසේත් නොමැති නම් තම සහකරු හෝ සහකාරිය වෙනත් අයකු සමග සබදතා පවත්වන බවට සෑම විටම අවිශ්වාස කිරීමයි. මෙහි බරපතලම තත්වය වනුයේ එක් පාර්ශවයක් කිසිදු වරදක් සිදුනොකරම වැරදිකරුවකු බවට පත්වීමයි.


කලාතුරකින් මෙම රෝග ලක්ෂණය භින්නෝන්මාද රෝගයේ ලක්ෂණය ක් ලෙසද මතු වේ
මෙය රෝගී තත්වයක් දක්වා වර්ධනය වුවහොත් එයට ප්‍රතිකාර කිරීම පවා ඉතා අසීරු වන අතරම ඊට ප්‍රධානම හේතුව වන්නේ මෙම රෝගයට ගොදුරු වන පුද්ගලයා තමාට රෝගයක් ඇතැයි පිළිගැනීමට අකමැති වීමයි. මෙම තත්වයට පත්ව සිටින පුද්ගලයින් දෛනික ජීවිතයේදී ඉතා සාමන්‍යය අයුරින් තම කටයුතු වලට මුහුණ දෙනු ලබනවා.

කෙසේවෙතත් මෙවැනි රෝගීන් දීර්ඝකාලීනව ශාරීරිකව මෙන්ම මානසිකව ප්‍රතිකාර ලබාගත යුතුයි. එලෙසම ප්‍රතිකාර ලබන අතරතුරදී දෙදෙනා අතර ගැටුම් අවම කර විශ්වාසය ගොඩනගැනීමද ඉතා වැදගත්. මෙම රෝගය උත්සන්න වන අවස්ථාවල දී රෝගියා විසින් සිදුකරන සුලභ කටයුතු කිහිපයක් තිබේ

දුරකථන ඇමතුම්

තම සහකරු හෝ සහකාරිය තමාට විරුද්ධ පාර්ශවයට අයත් අයකු සමග අඛණ්ඩව සිදුකරන දුරකථන සංවාද අනෙක් පාර්ශවයේ සැකයට බදුන් විය හැකියි. මෙවන් තත්වයක් තුළ රෝගියා දිගින් දිගටම මෙම දුරකථන සංවාද පරීක්ෂා කිරීමට පෙලඹෙන අතර දුරකථන බිල්පත් පරීක්ෂා කිරීමේ සිට ඇයගේ හෝ ඔහුගේ වෙනත් සබදතාවක් ඇතැයි තහවුරු කිරීමට සාක්ෂි සොයයි. මෙහිදී කිසිදු සාක්ෂියක් නොමැතිව උවද තම සහකරු හෝ සහකාරිය වෙනත් සබදතාවක් පවත්වන බවට නිගමන වලට එළැඹේ.

පාපෝච්චාරණය සහ රෙකෝඩර් වැනි උපකරණ භාවිතය

ඇතැම් රොගීන් දුරකථන ඇමතුම් පටිගත කරනු ලබන අතර එමගින් ඇසෙන විවිධ වචන ඉවහල් කරගනිමින් තම සහකරු හෝ සහකාරියට වෙනත් සබදතාවක් ඇතැයි පිළිගන්නා ලෙස බලකරමින් පහරදීම් වලට පවා පෙළඹේ. පීඩා ඉවසා ගැනීමට නොහැකිවීමෙන් හෝ වෙනත් සබදතාවක් ඇතැයි තම සහකරු හෝ සහකාරිය පැවසුවහොත් එය දඩමීමා කරගනිමින් දැඩි පීඩා එල්ල කරනු ලබයි.

මෙම රෝගී තත්වයට ගොදුරු වූ ඇතැයි පුද්ගලයින් නිවසින් පිටවත්ව යන අවස්ථාවලදී තම සහකරු හෝ සහකාරියගේ කථා බස් වලට සවන් දීම සඳහා රෙකෝඩර් පවා නිවසේ විවිධ ස්ථානවල සගවා යාම සිදුකරනු ලබයි. අනතුරුව යළි නිවසට පැමිණි වහා එය සවන්දී පරීක්ෂා කිරීම සිදුකරයි

DNA පරීක්ෂණ

මෙම රෝගී තත්වයට ගොදුරු වී සිටින ඇතැම් පිරිමි පුද්ගලයින් දරුවන් පවා තමාගේ නොවන බව පවසමින් DNA පරීක්ෂණ සිදුකිරීමට පවා පෙළඹේ. අනතුරුව එහි ප්‍රථීපළ පිළිගැනීමට ඇති අකමැතත්ත හමුවේ එම පරීක්ෂා කිරීම් සිදුකල ආයතන වලට පවා දොස් පැවරීමට පෙලඹෙනු ඇත. මෙවැනි අවස්ථා වලදී ඔවුන් බාහිර පුද්ගලයින් සමගද කලහකාරී ලෙස හැසිරීමට උත්සාහ දරයි.

මෙවැනි පුද්ගලයින්ට නින්දයාම ඉතා අඩුවන අතර එය දීර්ඝ කාලීනව පැවතීමෙන් විශාදය වැනි රෝගී තත්වයන්ට ගොදුරු විය හැකියි. මෙම රෝගී තත්වය වර්ධනය වීමෙන් සහකරු හෝ සහකාරිය මරා දැමීමේ භයානක තත්වයන්ට පවා රෝගයට ගොදුරු වූවන් පෙළඹීමටද අවස්ථාව පවතින නිසා මෙලෙස රෝගී ලක්ෂණ පහළ වූ මුල් අවදියේදී වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර සඳහා පෙළඹීමෙන් මෙමගින් සිදුවන හානිය වළක්වා ගත හැකි වනවා.

එලෙසම මෙම රෝගයට ගොදුරු වූ තම සහකරු හෝ සහකාරිය එසේත් නොමැති නම් පෙම්වතා හෝ පෙම්වතිය කෙරෙහි වැඩි අවධානයක යොමු කරමින් ඔහු හෝ ඇය සමග නිසි ප්රතිකාර වෙත යොමුකරවීම ඉතා වැදගත්.

Dr:Rumi Ruben

t

o

p