පවතින වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයේ වාහන පහක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.හතුඩුව හුවමාරුව ආසන්න ප‍්‍රදේශයේදී ජීප් රථයක් මාර්ගයේ ලිස්සා යාමෙන් තවත් ජීප් රථයක ගැටී තිබේ.
අධිවේගි මාර්ග භාවිත කිරිමේ දී රියදුරන් වඩාත් සැළකිලිමත් විය යුතු බවත් මාර්ගය ලිස්සායාමේ අවදානම හේතුවෙන් පැයට කිලෝ මීටර 60ක උපරිම වේගයක් පවත්වා ගැනීම ආරක්ෂාකාරි බව සදහන් කරයි.