කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී වංචා, දූෂණයෙන් තොර අලූත් කණ්ඩායමක් පත්කිරීමට තමන් කටයුතු කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කරයි.
‘සජිත් පේ‍්‍රමදාසගේ රජයක් තුළ සුරසැප විඳින්නේ ඔබ. මැති ඇමැතිවරු නෙමෙයි. මැති ඇමැතිවරුන්ට තියෙන වරදාන වරප්‍රසාද සියල්ලක්ම අපි අඩු කරනවා. සජිත්ගේ ආණ්ඩුවක් තුළ මැති ඇමැතිකම් දරන එක ඒ තරම්ම මිහිරි වෙන්නේ නෑ.ඒ තරම් සුබදායී වෙන්නේ නෑ.
මගේ ඇමැතිවරු දරදිය කොටන් ඇදලා මහ පාරට බැහැලා මං වගේ දුක් විඳලා වැඩ කරන්න ඕනේ. දුක් විඳින එක මට බොහොම ලේසියි.
උදේ 4.00 ට නැගිටලා ? 10-11 වෙනකල් දිනපතාම නිවාඩු ගන්නේ නැතුව මම තමුන්නාන්සේලා වෙනුවෙන් උපරිම කැපකිරීම් කරනවා.
කැබිනට් මණ්ඩලය පත්කරන කොට හොරකම්, වංචා නොකරපු අවංක, පිරිසිදු, ජවසම්පන්න, ශක්තිසම්පන්න රටේ ජනතාවට සෙත සළසන අලූත් කණ්ඩායමක් අපි පත්කරනවා.
පොදු ජනතාවට සහන සලසන සංවර්ධන මැෂිම සජිත් පේ‍්‍රමදාසයි.’