පසුගිය ඔක්තෝබර් 15 දින සිට කි‍්‍රයාත්මක වන පරිදි සිගරට් සඳහා රජය අයකරන නිෂ්පාදන බදු අඩුකර තිබේ.
මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් නිකුත් කරනු ලැබූ 2019.10.14 දිනැති අංක 2145/12 දරන අති විශේෂ ගැසට් නිවේදනයෙන් මෙසේ සිගරට් සඳහා රජය අයකරන නිෂ්පාදන බදු අඩුකර ඇත.
දිග මිලි මීටර් 67 ට වැඩි සහ දිග මිලි මීටර් 72 ට නොවැඩි සිගරට් දහසක් සඳහා රජය අයකරන නිෂ්පාදන බද්ද රු. 37,600 සිට රු. 33,000 දක්වා අඩුකර ඇත.