වතුකම්කරුවන්ට අත්තිකාරම් මුදල ලබාදීම වැලැක්වීමේ ප්‍රයත්නයක්

October 19, 2019

අහිංසක වතුකම්කරුවන්ට ලබාදෙන දීපාවලී අත්තිකාරම් මුදල ලබාදීම වැලැක්වීමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් කටයුතු කරමින් සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒම් තිලකරාජා මහතා පවසනවා. 

ඒ් මහතා මේ බව කියා සිටියේ මැතිවරණ කොමිසම වෙත ගොස් ඒම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවීමෙන් අනතුරුව කොල්ලුපිටියෙහි පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින්.


අමාත්‍යවරුන් වන නවීන් දිසානායක මහතා සහ පලනි තිගාම්බරම් මහතාගේ මැදිහත් වීම මත වතුකම්කරුවන්ට රුපියල් 15 000ක දීපවාලි අත්තිකාරම් මුදලක් ලබාදීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. ඒ වතු සමාගම් වලින් රු 10 000 ක් සහ රජය මඟින් රු 5000 ක් වශයෙනි.

රජය මඟින් ලබාදෙන රු 5000 ක මුදල ඡන්ද අල්ලසක් ලෙසයි ලංකා කම්කරු කොන්ග්‍රසය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ. මේ හේතුවෙන් ඒම රු 5000 මුදල ලබානොදීමේ තත්වයක් පැණනැගී තිබෙනවා. එය තොණ්ඩමන් මන්ත්‍රීවරයා විසින් අහිංසක වතු කම්කරුවන් පාවා දීමක් ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලකරාජ් මහතා ප්‍රකාශ කළේ. 


ඒ සමඟම අද දින ලංකා කම්කරු කොන්ග්‍රසය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අත්සන් කළ ගිවිසුමේ තිබෙන කරුණු එක්සත් ජාතික පෙරමුණට ඉදිරිපත් කළේ නම් සජිත් ප්‍රේමදාස මහතා එකඟ නොවූ කරුණු හෙළි කරන ලෙස මෙහිදී තිලකරාජ් මන්ත්‍රීවරයා අභියෝගයක්ද සිදුකළා.

එමෙන්ම වතුකම්කරුවන්ට රු 1000 ක් ලබාදීමට හැකියාව මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා බවට පත්වූ පසුගිය දින 52 කාලසීමාව තුලදී හැකියාව තිබූ බවයි තිලකරාජ් මන්ත්‍රීවරයා කියාසිටියේ.

දැන් රු 1000 ක් වතු කම්කරුවන්ට ලබා දෙන බව ප්‍රකාශ කර ඔවුන් රවටා ඡන්ද ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආරුමුගම් තොණ්ඩමන් කටයුතු කරන බවද තිලකරාජ් මන්ත්‍රීවරයා මෙහෙිදී පෙන්වා දුන්නා.

t

o

p