ව්‍යාපෘති ඇගයීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටු වයි

October 19, 2019

මහජන මුදලින් ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති,ආයෝජන සහ අනෙකුත් රාජ්‍ය ප‍්‍රතිපත්ති ඇගයීමට
ඇගයීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටු වයි.

පාර්ලිම්න්තුව මගින් අනුමත කරනු ලබන රාජ්‍ය ප‍්‍රතිපත්තිල අයවැය මගින් වෙන්කරනු ලබන මුදලින් ක‍්‍රියාත්මක ව්‍යාපෘති හා දෙස් විදෙස් ආයෝජනවලින් සිදු කෙරෙන සංවර්ධන කටයුතු ඇගයීම සහ නියාමනය සදහා ස්වාධීන කොමිෂන් සභාවක් පත් කෙරෙනු ඇත.

එම ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීම අදාල පනත් කෙටුම්පත සකස් කිරීමට සහ ශ‍්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර තිබේ.

එම කාරක සභාව විසින් අදාල පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු 80‍ නිම කර ඇති බවත් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත් එම කාරක සභාවේ සභාපති සහ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

ඔිනෑම ආයතනයකින් අදාල විස්තර ලබා ගෙන ඇගයීමට ලක් කිරීම සදහා යෝජිත පනත තුළින් කොමිෂන් සභාවට බලය හිමිවන බවද ඔහු පෙන්වා දුන්නේය. පෙර සහ පසු ඇගයීම් සිදු කළයුතු බැවින් කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් වීම අත්‍යවශ්‍ය බවද ඔහු කීවේය.

පාර්ලිමේන්තුව සකස් කරන ප‍්‍රතිපත්ති හා පාර්ලිමේන්තුව මගින් වෙන් කරන මුදලින් ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති සැබවින්ම ඵලදායී වන්නේද යන්න සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම ස්වාධීන කොමිෂමට පැවරෙන බවද කුමාරසිරි මහතා පැවසීය. ප‍්‍රතිපත්ති කාලීනව ගැලපේද ව්‍යාපෘති නිසිලෙස ක‍්‍රියාත්මකද හා ඒවායෙන් ජනතාවට ප‍්‍රතිඵලයක් අත්වනවාදැයි සොයා බලා ඒවා නිවැරදි කිරීමටද මෙම කොමිෂන් සභාව කටයුතු කරනු ඇත.

t

o

p