පාස්කු ඉරිදා ප්‍රහාර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබන 23 වැනිදා

October 11, 2019

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට පසුගිය අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වල සිදුවු ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබද සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

අදාළ සිදුවීම පිළිබදව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු 60 කට ආසන්න පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබේ.

මෙම සිදුවීම සදහා පසුබිම් වූ හේතූ සහ නැවත මෙවෙනි සිදුවීමක් ඇති නොවීමට අවශ්‍ය නිර්දේශ අදාළ වාර්තාවෙන් ඉදිරිපත් කෙරෙන බව කාරක සභාවේ සභාපති ආනන්ද කුමාරසිරි මහතා පැවසීය. අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව ඒ පිළීබදව සොයා බලා පර්ලිමේන්තුවට වාර්තා කිරීමට කථානායක කරූ ජයසූරිය මහතා මැයි මස 22 වැනිදා මෙම කමිටුව පත් කළේය.

පළමු වරට කමිටුව රැස් වූයේ මැයි මස 29 වැනිදායි.කමිටුව සිය අවසන් වාර්තාව සකස් කිරීම සඳහා ලබන 17 වැනිදා අවසන් වරට රැස් වීමට නියමිතයි.

t

o

p