පාසල් බස් රථයක් පෙරළී සිසුන් 5ක් රෝහලට

October 11, 2019

සීගිරිය සිට කැකිරාව ප්‍රදේශයේ පාසල්වලට දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්  අද (11) උදෑසන දඹුල්ල රන්දෙණිවැව ඇළ මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් එහි ගමන් ගත් සිසු සිසුවියන් පස්දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

බස් රථය ධාවනය වන විට බස් රථය තුල දරුවන් 70ක් පමණ සිට ඇති අතර බස් රථය පෙරළෙනවාත් සමඟ අසළ තිබූ කොහොඹ ගහක හේත්තු වී මෙම අනතුර සිදු වී ඇත.

රන්දෙණිය දැව සිට ඇල මාර්ගයක පාරක් ඔස්සේ බස් රථය ධාවනය වෙමින් තිබියදී ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අගලකට පෙරළී ඇත.

බස් රථයේ සිටි පාසල් සිසු සිසුවියන් කියා සිටියේ එක වැරම බස් රථය පෙරළී ගිය බවත් එම ස්ථානයේ සිටී ජනතාව බස් රථයේ වීදුරු කඩා දරුවන් එළියට ගෙන ඇත.

t

o

p