ඇල්පිටිය ඡන්දය: ඡන්ද විමසීම ඉතා සාමකාමීයි

October 11, 2019

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම මේ වනවිට පැවැත්වෙනවා. පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 4 ටයි. 

ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඡන්ද විමසීම පැවැත්වෙනවා. ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව 53,338 ක්. 

මේ වන විට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇල්පිටිය ප්‍රදේශයට ගොස් තිබෙනවා.

ඉතාම සාමකාමීව ඡන්ද විමසීම සිදුවන බවත් මෙම ඡන්දයත් ජනාධිපතිවරණය වගේම වැදගත් වන බවත් පැවසු මහින්ද දේශප්‍රිය මහතා, ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් නොමැති බවත්, එවැනි සිදුවීම් සඳහා අවස්ථාවක් නොදෙන බවත් පවසයි.

t

o

p