Strong Gorgeous Women රැල්ල නිසා පරිශීලකයන් අවධානමක

October 10, 2019


මේ දිනවල සමාජ මාධ්‍ය අඩවි වල සිටින කාන්තා පරිශීලකයන් අතර #strongGorgeouswomen නම් අභියෝගයක් ලැව් ගින්නක් සේ පැතිර යන අතර සමාජ මාධ්‍ය වල සිටින සෑම කාන්තාවක්ම පාහේ එය රැල්ලට සිදුකරන ආකාරයක් දක්නට ලැබේ. යම් සමාජ මාධ්‍ය පරිශිලක කාන්තාවක් ඇයගේ චායාරූපයක් ඉහත සදහන් #ටැගය යටතේ සමාජ මාධ්‍ය වෙබ් අඩවියක පළකලවිට එම චයාරූපය එම #ටැගය හරහා ඇයගේ සමාජ මාධ්‍ය ගිනුමෙන් පිටත සිටින වෙනත් පුද්ගලයෙකුට පවා නැරඹීමේ හැකියාවක් පවතී.

විශේෂයෙන්ම මෙවැනි සමාජ මාධ්‍ය නව ප්‍රවනතා හදුනාගනිමින් දත්ත එක්රැස් කිරීම් සිදුකරන කන්ඩායම් වලට ඉතා පහසුවෙන් ඔබ විසින් ඉහත සදහන් ටැගය භාවිතා කරමින් සමාජ මාධ්‍ය අඩවි වෙත මුදාහරින ලද චායාරූපය සහ ඔබගේ ගිනුම් නාමය ලබාගත හැකි අතර එම දත්ත පසුකාලීනව දත්ත රැස් කරගන්නා පාර්ශව විසින් වෙනත් වෙබ් අඩවි වල පලකිරීමේ හැකියාවක් පවතී. එසේ ඔබගේ චයාරූපයක් වෙනත් වෙබ් අඩවියක පල වුවහොත් එවා ඉවත් කරගැනීම ඉතා අසීරු ක්‍රියාවක් වන බැවින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට විටින් විට පැමිනෙන මෙවැනි ප්‍රවනතා අනුකරණයට යාමේදී බුද්ධිමත්ව කටයුතු කරන්න යැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දෙමු.

t

o

p