වැඩබලන සභාපතිවරයෙකු යටතේ ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැක – ලිවේරා

October 10, 2019

පවතින නීති ප්‍රතිපාදන අනුව වැඩබලන සභාපතිවරයෙකු යටතේ ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බැවින් ස්ථිර සභාපතිවරයෙකු නම් කර එවන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසම ‍‍වෙත ඉහත දැනුම්දීම කරනු ලැබූවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටෙ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වී‍මේදීය.

කථානායක කරු ජයසූරිය මහතා ඇතුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට සහභාගී වි සිටියහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමට සහභාගී නොවුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ජනාධිපති නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ යන මහත්වරුන්ය.

ඊට අමතරව මැතිවරණ කොමිසමේ වැඩබලන සභාපති මහින්ද දේශප්‍රිය, නීතිපති දප්පුල ද ලිවේරා යන මහත්වරුන් රැස්වීමට විශේෂයෙන් කැදවනු ලැබ සිටියහ.

වැඩබලන සභාපතිවරයෙකු යටතේ ස්වාධීන මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා එහිදි කරුණු දක්වනු ලැබීය.

ඒ අනුව ස්ථාවර සභාපතිවරයෙකු පත් කර එවන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දීමට අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පියවර ගනු ලැබීය.

ජනාධිපතිවරණ සමයේ විද්‍යුත් මාධ්‍ය ක්‍රියාකරන ආකාරය ගැන ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත බිමල් රත්නායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර ඊට අදාළව නීතිමය පියවර ගත හැකි බවට අදහස් ඉදිරිපත් කෙරුනි.

t

o

p