එ.ජා.පෙ. ජයග්‍රහණයෙන් පසු ෆොන්සේකාට නීතිය හා සාමය ඇමතිකම

October 10, 2019

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ෆිල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ ඒකමතිකව තීරණය කර සිටියහ.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ මේ තීරණයට එළැඹුනේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදීය.

රටේ ජාතික ආරක්ෂක විෂය සරත් ෆොන්සේකා මහතාට පවරන ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ ඉල්ලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට පෙර අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබුණි.

එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යැවුනද එය ඉටු වුනේ නැත.

එම නිසා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවූ පසු ෆිල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යධූරය පිරිනැමීමට තීරණය වූවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉහත ඉල්ලීම ඉටු නොකිරීම හේතුවෙනි.

t

o

p