ගෝඨාභය රාජපක්ෂ දුමින්ද දිසානායකව නිවසටම ‌‌‌ගොස් හමුවේ

October 9, 2019

ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ගෙදරට පැමිණියේය.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09) පෙරවරුවේ පැමිණියේය.

දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් මහත් හරසරින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් සමග සුහද පිළිසදරක නිරත වූහ.

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු අතර, එහිදී දුමින්ද දිසානායක මහතා කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ජන්ද සියල්ල ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩි ජන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජයග්‍රහණය කරවන බවද පැවසීය.

ඒ අවස්ථාවේ දුමින්ද දිසානායක මහතාගේ නිවසේ පාක්ෂිකයින් විශාල පිරිසක්ද පැමිණ සිටි අතර ඔවුන් සමගද ගෝඨාභය මහතා සුහද පිළිසදරක නිරත විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක,එස්.එම් චන්ද්‍රසේන, ⁣ශෙහාන් සේමසිංහ, දිලුම් අමුණුගම, හිටපු අමාත්‍යය තිස්ස කරල්ලියද්ද, ඩබ්.බී ඒකනායක යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයින් සහභාගී වූහ.

ඡායා – දුමින්ද දිසානායක ‌ෆේස්බුක් පිටුවෙනි

t

o

p