ජ්‍යෙෂ්ඨයන් නොමැති ශ්‍රී ලංකා පිලට ඓතිහාසික තරගාවලි ජයක්

October 8, 2019

ක්‍රිකට් ලෝකයේ දැවැන්තයන් ලෙස සැලකෙන අයි. සී. සී විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත දර්ශකයේ අංක එකේ පසුවන පාකිස්තානය පරදවා පළමු වරට තරගාවලි ජයක් වාර්තා කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙති.

දෙරට අතර ඉතිහාසයේ විස්සයි 20 තරගාවලි 6ක් පවත්වා ඇතත් ඒ සියල්ලම පාකිස්තානය ජයගෙන තිබියදී නවක මුහුණුවලින් සමන්විත ශ්‍රී ලංකා පිල තරග තුනකින් සමන්විත 7වැනි විස්සයි 20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-0කින් පෙරමුණ ගෙන දැනටමත් කුසලානය සතුකරගෙන සිටී.

t

o

p