ජනාධිපතිවරණ සමයේ ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් සුරක්ෂිත කරගන්න

October 8, 2019

ජනාධිපතිවරණ සමයේදී විවිධ දේශපාලන මතවාද තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා හුවමාරු කරගන්නා පරිශීලකයන්ගේ ගිණුම් හදුනා නොගත් පාර්ශවයකට පත්වීමේ ප්‍රවණතාවයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත දැකගත හැකිය. මෙහිදී හදුනා නොගත් පාර්ශවය විසින් ව්‍යාජව සකස් කරන ලද සමාජ මාධ්‍ය වෙබ් අඩවියක ආකෘතියක් අදාල පරිශිලකයාට යොමුකොට එම වෙබ් අඩවි ආකෘතියට සමාජ මාධ්‍ය පරිශිලකයාගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුලත් කරන ලෙස හගවා එම දත්ත සොරාගැනීමක් සිදුකරනු ලබයි.

අවම ආරක්ෂණ ක්‍රමවේදයන් හාවිතා කරන සමාජ මාධ්‍ය පරිශීලක ගිණුම් ඉතා පහසුවෙන් හදුනා නොගත් පාර්ශවය අතට පත්වීමේ හැකියාවක් පවතින නිසා two factor authentication නොහොත් දෙවන සාධක සත්‍යාපන ආරක්ෂණ ක්‍රමවේදයක් ඔබගේ ජංගම දුරකථන අංකය භාවිතයෙන් හෝ google authenticator වැනි යෙදුමක් භාවිතයෙන් සිදුකරගන්නා ලෙස අප සමස්ත ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශිකයන්ට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දැනුම් දෙමු. තවද මේ පිලිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස සියලුම මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටිමු.

t

o

p