නාම යෝජනා භාරගැනීම අවසන්

October 7, 2019

රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද උදෑසන 9.00ට නාමයෝජනා භාර ගැනීම ආරම්භ විය.

ජනාධිපතිවණය වෙනුවෙන් අපේක්ෂකයින් 41 දෙනකු  ඇප තැන්පත් කලත් අපේක්ෂකයින් 35  දෙනෙකු  පමණක් අද (7) නාම යෝජනා බාර දී  ඇති බව සදහන් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා භාරදුන් අතර සජිත් ප්‍රේමදාස මහතා නාම යෝජනා භාරදෙනු ලැබුවේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසය.

ඇප තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම ඇතුළු 06 දෙනෙකු නාමයෝජනා පත්‍ර භාරදුන්නේ නැත.

t

o

p