ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන ක‍්‍රියාවලිය බලගැන්වීමට සුපිරි තාක්ෂණික කේන්ද්‍රයක්

October 7, 2019

ටෝකියෝ සිමෙන්ති සමාගමේ ත‍්‍රිකුණාමල කර්මාන්තශාලාවේ නිෂ්පාදන කළමනාකරණ ක‍්‍රියාවලිය උසස් තලයකට ගෙන එමින්, එහි සියලූ අංශ එක් තාක්ෂණික විශිෂ්ටතා කේන්ද්‍රයක් තුළ

 ස්ථාපිත කිරීම නොබෝදා සිදු කෙරිණි. සමාගමේ නිෂ්පාදන කළමනාකරණ මෙහෙයුම් මෙන්ම නව නිපැයුම් පර්යේෂණ සහ සංවර්ධන විද්‍යාගාර සහ කොන්ක‍්‍රීට් සහ සිමෙන්ති තත්ත්ව පරීක්ෂණ

 රසායනාගාර මෙම තාක්ෂණික මධ්‍යස්ථානය කේන්ද්‍රකොට ක‍්‍රියාත්මක කෙරෙනු ඇත. තත්වයෙන් අනර්ඝ සිමෙන්ති සහ කොන්ක‍්‍රීට් සැපයීමෙන් ශ‍්‍රී ලංකාවේ අංක 1 නාමය ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම දිනා ඇති පාරිභෝගික විශ්වාසය වඩාත් තහවුරු කිරීමට නවීනතම තාක්ෂණයෙන් බලගැන්වුණු මෙම මෙහෙයුම්  මධ්‍යස්ථානය පිටිවහලක් වනු ඇත.

ටෝකියෝ සිමෙන්ති ලංකා  සමාගමේ තාක්ෂණික සේවා සහකරු, මෙන්ම ව්‍යාපාරික හවුල්කරුවකු වන ජපානයේ ඹඉැ ෂබාමිඑරසැි සමාගමේ විධායක නිලධාරී මිත්සු ඕ ඕනෝ මහතා සහ ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා විසින් මෙම තාක්ෂණික විශිෂ්ටතා කේන්ද්‍රය උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

t

o

p