අදත් ගිගුරුම් සහිත වැසි

October 6, 2019

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අද දිනයේදීත් තවදුරටත් ඉහළ මට්ටමක පවතී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.

බස්නාහිර,දකුණු සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇති වේ.

t

o

p