කප්පම් ගත් කොස්තාපල් අත්අඩංගුවට

October 6, 2019

රත්මලාන, බොරුපන ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ සිටි පෙම් යුවළකගෙන් රුපියල් 30,000 ක මුදලක් බලෙන් ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයාට චෝදනා එල්ල වී ඇත්තේ, පසුගිය දෙවැනි දින රාත්‍රියේ මෝටර් රථයක් තුළ සිටි පෙම් යුවළක් අශෝභන ලෙස හැසිරුනු බවට පවසමින් ඔවුන් බිය ගන්වා රුපියල් 50,000 ක මුදලක් ලබාදෙන ලෙස බලකර පසුව පෙම්වතාගෙන් රුපියල් 30,000 ක මුදලක් ලබාගත් බවටයි.

t

o

p