දුම්රිය වර්ජනයෙන් සුනඛ මිතුරනුත් හාමතේ

October 6, 2019

දුම්රිය වර්ජනය තව දුරටත් දිග් ගැස්සවීම මත දුම්රිය ස්ථාන ආශ්‍රිතව ජීවත් වන සුනඛ ප්‍රජාවද බලවත් ආහාර අහේනියකට මුහුණ දී ඇති බව වාර්තා වෙයි. විශේෂයෙන් අගනුවරින් බැහැර දුම්රිය ස්ථාන ආශ්‍රිතව ජීවත් වන මෙම සුනඛයන් දුම්රිය වල ගමන් ගන්නා මගීන් විසින් ඉවත හෙලනු ලබන ආහාර සේම දුම්රිය භෝජනාගාර වලින් ඉවත හෙලන ආහාර අනුභව කිරීමට පුරුදුව සිටින අතර දුම්රිය පැමිණෙන හඬ අනුව දුම්රිය ස්ථාන වෙත රොක්වන බවද ප්‍රසිද්ධ කරුණකි එමෙන්ම අඩු වේගයකින් ධාවනය වන උඩරට මාර්ගයේ දුම්රියට සමාන්තරව දිව යමින් ඒවායෙන් ඉවත දැමෙන ආහාර අනුභවයට ගන්නා සුනඛ පිරිසක් ද සිටිති.

මෙම තත්වය දන්වා ඇතැම් දුම්රිය මගීහු විනෝදය පිණිස ද මෙලෙස දුම්රිය සමග දිව එන සුනඛයන් හට ආහාර දීම පුරුද්දක් කර ගෙන සිටිති . මේ සියලු තත්වයන් යටතේ මේ දිනවල ක්‍රියාත්මක වන වැඩ වර්ජනය හමුවේ සුනඛයන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද බරපතළ ආහාර අහේනියකට මුහුණ දී සිටින අතර ඔවුන්ට හැකි ඉක්මනින් පිහිට වන ලෙස සියලු සත්ව ලෝලීන්ගෙන් සහ අවිහිංසාවාදීන් ගෙන් විවෘත ඉල්ලීමක් කෙරේ.


මෙසේ ආහාර අහේනියයෙන් පෙළෙන සුනඛයන් පිළිබඳ විස්තර එම දුම්රිය ස්ථාන ඇසුරෙන් ලබා ගත හැක . 

තිලක් සේනාසිංහ

t

o

p