Huawei Nova 5T දැන් ශ්‍රී ලංකාවේ

September 27, 2019

ජංගම දුරකතන තාක්ෂණයේ නවෝත්පාදකයා වන Huawei විසින් සිය flagship මාදිලියේ විශේෂාංග ඇතුළත් නවතම ජංගම දුරකතනය වන Huawei Nova 5T පසුගියදා එළි දැක්විය.

Crush Blue, Black සහ Midsummer Purple යන වර්ණ තුනකින් පාරිභෝගිකයා වෙතට එන Huawei Nova 5T, වඩාත් අලංකාර පෙනුමකින්ද යුක්ත වේ. දිනෙන් දින වෙනස් වන ජංගම දුරකථන තාක්ෂණය හා බැඳුණු නව ප්‍රවණතාවයන් රැසක් Nova 5T සඳහා එක් කර ඇති අතර, පසුපස කවරයේ දැකිය හැකි 3D නිර්මාණ එහිදී සුවිශේෂී වේ.

Nova 5T හි වඩාත් සිත් ඇඳබැඳ ගන්නා විශේෂාංගය වන්නේ එහි ආකර්ෂණීය මිලයි. පාරිභෝගිකයින් වෙත මාසිකව රුපියල් 1,945 ක් වැනි අඩු මුදලකට credit cards මගින් කොටස් වශයෙන් ගෙවීමට Huawei Nova 5T දුරකතනයක් මිලදී ගත හැකි අතර මේ සඳහා Huawei ප්‍රධාන පෙළේ e-commerce sites හා සම්බන්ධ වී සිටියි.

Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා මෙම හඳුන්වා දීම පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීහ. “ Nova ජංගම දුරකතන පවුලට එකතු වුණු නවතම සාමාජිකයා වන Nova 5T ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම අපට ඉමහත් සතුටක් වන අතර ඉහළම පෙළේ විශේෂාංග අවම මිලකට පාරිභෝගිකයා වෙතට පිරිනැමීමට Huawei නිරතුරුවම කැපවෙමින් සිටින ආයතනයක්. එම දැක්මෙහි ප්‍රතිපලයක් ලෙස Nova 5T හැඳින්විය හැකි අතර එහි අසම සම මිල බොහෝ දෙනා ආකර්ෂණය කරගනු ඇතැයි මා විශ්වාස කරනවා. කාර්ය හැකියාව සහ භාවිතයේ පහසුව හැරුණු විට, Nova 5T හි වැඩි දියුණු කළ තාක්ෂණය සුවිශේෂී ඡායාරූප ලබා ගැනීම සඳහා උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන්ම ඉලක්ක කර තිබෙන බව කිව හැකී”.

පැහැදිළි හා සමීප දසුන් ඡායාරූප ගත කිරීමටත්, ඉතා පුළුල් ආකාරයෙන් ඡායාරූප ලබා ගැනීමටත් Huawei Nova 5T හි 48MP ප්‍රධාන කාච, 16MP ultra wide-angle, 2MP macro, සහ 2MP bokeh lens සතු Rear කැමරා 4 උපකාරී වේ. දුරකතනයේ ඉදිරිපස සෙල්ෆි කැමරාව එහි FullView Screen ය මත පිහිටා ඇති අතර එය 32MP f/2.0 කාචයෙන් යුක්තය. AI තාක්ෂණයෙන් බල ගැන්වුණු Super Night mode නිසා අඩු ආලෝක තත්වයකදී වුව, blur-free වීඩියෝ ගැනීම පහසු කරයි. තවද දුරකථනය භාවිත කරන්නන්ට සෙන්ටිමීටර 4 ක් තරම් සමීපව වස්තුන් focus කිරීමට එහි macro කාචය තුලින් හැකියාව ලැබේ. 48 MP ප්‍රධාන පිටුපස කැමරාව Sony ½-inch CMOS sensor යෙන් යුක්තව ඇති අතර, එය Nova 5T අතිශයින් වෘත්තීමය ඡායාරූප උපාංගයක් කරයි.

මීට අමතරව, Huawei 5T හි ඇති ISO sensitivity ප්‍රමුඛ පෙළේ වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක් විදහා පාන අතර Huawei Nova 5T හි කැමරා සතු bokeh effects හා නවතම AI Portrait Colour මඟින් ඡායාරූප වලට සිනමාත්මක ගුණයක් ලබා දෙයි. පාරිභෝගිකයින්ට සිය වීඩියෝ වඩාත් වැඩි දියුණු කළ හැකි පරිදි හා vlogger-worthy විඩීයෝ නිර්මාණය කරගත හැකි පරිදි මෙන්ම vlogging ප්‍රවණතාවය සඳහා විශේෂයෙන්ම නිමවන ලද, Huawei Nova 5T සහ EMUI 9.1 පෙරළිකාර අත්දැකීමක් පාරිභෝගිකයාට නිසැකයෙන්ම ගෙන දේ.

8GB of RAM සහ 128GB මතක ධාරිතාවයක් ඇති Nova 5T, 3,750mAh බැටරියකින් සහ 22.5W Huawei SuperCharge පහසුකමින් යුක්ත වේ. මේ තුලින් භාවිත කරන්නන්ට විනාඩි 30 ක් තුළදී 50% සිය Nova 5T දුරකථනය චාර්ජ් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. Nova 5T හි 6.26-inch full HD punch-hole තිරය නිමවා තිබෙන්නේ 2340×1080- resolution සහිතවය. දුරකථනය සතු තත්පර 0.3 ක් වැනි සුළු කාලයක් ඇතුළත unlock කර ගැනීමට Power Button මත පිහිටි fingerprint sensor භාවිත කරන්නා මවිතයට පත් කරයි. සිහින් බවින් හා මනා සේ ගැලපෙන නිමාවෙන් යුක්ත නිසා, භාවිත කරන්නාට ඔවුන්ගේ එදිනෙදා ජංගම දුරකතන කාර්යයන් ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව Nova 5T තුලින් ලැබේ.

ලොව ප්‍රථම 7nm flagship chipset Kirin 980, Nova 5T සඳහා ඇතුළත් වන අතර, EROFS file reading system තුලින් Nova 5T හි ඇතුළත මෙමරිය සම්පූර්ණයෙන් ඇහිරී තිබියදී පවා, අඩු loading කාලයක් තුළින් ඉතා හොඳ අත්දැකීමක් පාරිභෝගිකයාට ලබා දේ. EMUI 9.1 සමගින්, 59% ක අමතර වේගයකින් app launch හැකියාවද, Nova 4 ට වඩා 57% ක තවදුරටත් සුසිනිඳු UI operation හැකියාවද Nova 5T සතු වෙයි. GPU Turbo 3 තාක්ෂණය නිසා කිසිදු ප්‍රමාදයකින් තොරව, වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමටද Nova 5T භාවිත කරන්නන්ට ඉඩ හිමි වේ.

රුපියල් 69,999.00 හඳුන්වා දීමේ මිලකට එන Huawei Nova 5T, දැන් සියලුම Huawei Experience සෙන්ටර්ස්, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk, WOW.lk, Dialog.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වෙයි.

t

o

p