හිල්මි-ජෝශප් කැරම් ශූරතා දිනති

September 25, 2019

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධාන කළ 19 වැනි සභාපති කුසලාන කැරම් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ෂහීඩ් හිල්මි සමත් වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝශප් රොෂිටා කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත් වූවාය.

ජෝශප් රොෂිටා කාන්තා කේවල ශූරතාව දිනා ගත්තේ පසුගිය වසරේ මේ තරගාවලියේ ශූරිය මෙන්ම මෙවර ජාතික ශූරතාව දිනාගත් චලනි ලක්මාලි ලියනගේ වට 2-1කින් පරාජය කරමිනි.

පිරිමි කේවල අවසන් තරගයේදී හිල්මි හමුවේ හිටපු කැරම් ලෝක ශූර ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු ලකුණු 25/02 සහ 25/12 ලෙස පරාජයට පත්විය.

t

o

p