මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ තුනක් ඇප තබති

September 20, 2019

ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකු ද එක් අපේක්ෂිකාවක් ද මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත්කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එස්. අමරසිංහ සහ ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජයන්ත කැටගොඩ යන මහත්වරුන් ද ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයෙන් අජන්තා පෙරේරා මහත්මිය ද එසේ ඇප මුදල් තැන්පත්කර ඇත.

මෙවර ජනාධිපතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂ 70කින් අපේක්ෂකයන් 20කට වැඩි පිරිසක් ඉදිරිපත්වනු ඇතැයි සදහන්වේ.

t

o

p