තිහාරිය ධීවර අලෙවිසැලෙන් පළමු දිනයේම ලක්‍ෂ 15ක ආදායමක්

September 20, 2019

ලංකා ධීවර සංස්ථාවේ තිහාරිය නව අලෙවිසල ආරම්භ කළ දිනයේදීම රුපියල් ලක්ෂ 15 ක ආදායමක් උපයා ගැනීමට සමත්වී  ඇත.    ඒ අනුව  ලංකා ධීවර සංස්ථාවේ 91 වන අලෙවිසලවන  අලෙවිසල විවෘත කර පැය කිහිපය තුළදී මත්ස්‍ය කිලෝ 700 කට අධික ප්‍රමාණයක්අලෙවි කිරීමට හැකි වී ඇති අතර ඒ තුළින් ලද ආදායම රුපියල් ලක්‍ෂ පහමාර ඉක්මවා  ඇත .  

ජනතාවට සහන සැලසීමේ හා ජනතාවට සහන මිළට නියම බරට අලුත් මාළු ලබා දීමේ හා ගුණාත්මක මාළු රට මැද ජනතාව දධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ වැඩපිළිවෙළ යටතේ නුවර පාර , තිහාරිය නගරයේදී පසුගිය 20 දා මෙම මධ්‍යස්ථානය විවෘත කරන ලදි.   ප්‍රධාන නගර ආශ්‍රිතව නව මත්ස්‍ය අලෙවි සල් වීවෘත කිරීම මගින් ජනතාවට ගුණාත්මක , අලුත් මාළු පහසු මිලට ලබාදීමේ වැඩ පිළිවෙළ යටතේ ආරම්භ කළමෙම අලෙවි සැල වීවෘත කිරීමත් සමග මාළු මිලදී ගැනීම සදහා ජනතාව දිගුවේලාවක පටන් පෙළ ගැසී සිටි බව ලංකා ධීවර සංස්ථාව කියයි.  

නුවර පාර , තිහාරිය නගරයේදී ඊයේ වීවෘත කල මෙම අලෙවි සැලය. සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සදහා ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීම සදහා  ඇතුළු සියළු ජනතාවට ලබාදීමේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ වැඩපිළිවෙල යටතේ මෙම ප්‍රාදේශීය අලෙවි සල් ප්‍රධාන නගර ආශ්‍රිතව ආරම්භ කිරීමට ලංකා ධීවර සංස්ථාව කටයුතු කළේය.

t

o

p