ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, උද්ඝෝෂණ හා විරෝධතා රැසක් සංවිධානය කෙරෙන බව රාජ්‍ය බුද්ධි අංශ රජයට තොරතුරු දැනුම් දී තිබේ.
බුද්ධි අංශ දුන් වාර්තාව අනුව ඒ පිටුපස ප්‍රධාන දේශපාලන පක්ෂයක් සහ ඔවුන්ට සම්බන්ධ වෘත්තීය සමිති පවතින බව සදහන්වේ.
සෑම දිනකම කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විරෝධතාවයක්, උද්ඝෝෂණයක් හෝ රජයට එරෙහි ක්‍රියාදාමයක් සංවිධාන කිරීම ඉහත දේශපාලන සංවිධානයේ අරමුණ බවද රාජ්‍ය බුද්ධි අංශ වාර්තාවේ වැඩිදුරටත් සදහන්වේ.
උද්ඝෝෂණ, විරෝධතා මෙන්ම වැඩ වර්ජන මෙහෙය වන වෘත්තීය සමිති නායකයින්ට හා ප්‍රධානීන්ට ඉහත පක්ෂය මගින් විශාල වශයෙන් මුදල් දෙන බවත්, එහි නයකයින් ගේ පෞද්ගලික ගිණුම්වලට විශාල වශයෙන් මුදල් බැර කර ඇති ආකාරය ඇතුළත් විස්තර වාර්තාවක්ද රාජ්‍ය බුද්ධි අංශ රජයට දුන් තොරතුරුවල ඇතුලත්ය.