එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය අනුව කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ සදහන්වේ.
ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් සදහන් වන්නේ පක්ෂ ව්‍යවස්ථාවේ 9.1 වගන්තිය යටතේය. එහි මෙසේ සදහන්වේ.
“ජනාධිපතිවරණ අපේක්ෂක නම් කිරීම – ජනාධිපති අපේක්ෂක නාම යෝජනා කිරීම, පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය පත් කරනු ලැබු නාම යෝජනා මණ්ඩලය විසින් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ඇතිව නම් කළ යුත්තේය“
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ සදහන් ඉහත ප්රතිපාදනය අනුව වර්ෂ 1988 දී ජනාධිපති රණසිංහ පේමදාස මහතා සහ 1994 දී ගාමිණි දිසානායක මහතා මෙන්ම 1999 දී රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට පියවර ගැනින.
වර්ෂ 2010 දී සහ 2015 දි සරත් ෆොන්සේකා හා මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වුවද පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම එකට රැස්වී ඉහත අපේක්ෂකයන්ට සහාය දීමට තීන්දු කළ බව එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නිශ්ශංක නානයක්කාර මහතා ප්‍රකාශ කළේය.