ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරිම බදදාට

September 19, 2019

එක්සත් ජාතික පක්ෂය පූමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා (25) නම් කෙරේ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සදහා පිටරට ගොස් සිටින මැති ඇමතිවරු දිවයිනට කැදවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව දිවයිනෙන් පිටව ගොස් සිටින සියළු මැති ඇමතිවරු ලබන බදාදාට පෙර දිවයිනට පැමිණිමට නියමිතය.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදි ජාතික පෙරමුණ පිහිටුවීමට කටයුතු කරන එක්සත් ජාතික පෙරමුණේ සියළු නායකයින් ගේ සාකච්ඡාවක් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විනි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ඡන්ද ලකුණ, ව්‍යවස්ථාව, ලිපිනය, ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ආදී වැදගත් කරුණු රාශියක් ගැන පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදි අවසන් එකගතාවයකට පැමිණිනි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා මේ වන විට දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී පවතියි.

ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලුම් කර ඇති දෙදෙනාම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වන අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙන්ම කතානායක දේශබන්දු කරු ජයසූරිය යන අපේක්ෂකයින් දෙදෙනා වෙති.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබද අවසන් තීන්දුව තමන්ට  ලැබිය යුතු බව සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන වෙත දැනුම් දී පවතියි.

t

o

p