බොදු බල සේනා තරුණ සමුළුව

September 18, 2019

අපගේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් බරපතළ අනතුරු ගණනාවකට මුහුණ දී ඇති මේ මොහොතේ නුගේගොඩ එළිමහන් රංග භූමිය අවට රැස්ව සිටින ඔබ දකින විට වරෙක මට ඇතිවන්නේ ඉමහත් අභිමානයක්. ඒ වගේම සතුටක් ඒ වගේම ඔබ සැමගේ බලාපොරොත්තු සහගත මුහුණ දිහා බලනවිට මට මහා සංවේගය කුත් දුකකුත් ඇති වෙනවා.මට සතුටක් අභිමානයක් දැනෙන්නෙ වසර දහස් ගණනක් තිස්සේ අපගේ මාතෘ භූමිය ආරක්ෂාකරගත් උතුම් මිනිස් පරපුර තවමත් ජීවමාන බව ඔබ තුළින් දකින විට.

එදා මෙදා තුර මේ රට මුහුණ දුන් අනේකවිධ සතුරු උවදුරුවලින් අපේ රට රැක ගත්තේ ඔබ වැනිම රටට ජාතියට සම්බුද්ධ ශාසනයට අසීමිත ලෙස ඇලුම් කළ මිනිසුන් විසින් මේ පරම්පරාව අපටත් රටටත් සම්බුද්ධ ශාසනයටත් ආභරණයක් ශක්තියක් ආඩම්බරයක්. 

ඒත් මේ ජීවගුණය උතුරා යන බලාපොරොත්තු සහගත මූණු දිහා බලන විට මට සංවේගයක් ඇති වන්නේ මේ මහා ශක්තියට නායකත්වය දිය යුතු මා ශක්තියට මග පෙන්විය යුතු අපගේ වැඩිහිටි පරම්පරාව අපගේ ජාතික නායකත්වය පක්ෂ පාට කඳවුරු පිල්වලට බෙදී නිද්‍රාශීලිව එකිනෙකා කුලල් කා ගනිමින් මහා දේශපාලන බල පොරයක පාර්ශ්වකරුවන් වෙමින් හෝ දේශපාලන කඳවුරු වල වහලුන් ලෙස හැසිරෙන බවට මතක් වෙන විට.

එක් පසෙකින් ම්ලේච්ඡ පාස්කු ඉරිදා ප්‍රහාරය හරහා පෙන්නුම් කළ උන්මත්තක ඉස්ලාම් අන්තවාදයේ අඳුරු සෙවණැලි අපේ සමාජය තවමත් වෙලා ගනිමින් සිටිනවා. අනෙක් පසෙන් මේ රට වසර තිහක් තිස්සේ බිහිසුණු යුද්ධයකට ඇද දැමූ ජාතිවාදී වර්ගවාදී බෙදුම්වාදය යලිත් හිස ඔසවමින් තියෙනවා. තවත් පසකින් ඇමෙරිකාව ඉන්දියාව චීනය වැනි විවිධ ලෝක බලවතුන් විවිධ උගුල් අටවමින් අපේ රටේ ස්වාධීනත්වයත් ආර්ථික සම්පත් කොළ කනටත් මානබලමින් පිඹුරුපත් පිඹුරුපත් සකස් කරමින් සිටිනවා.

මේ සියලු අනතුරු හමුවේ අපේ පාලකයින් ජාතික නායකයෙක් වැඩිහිටියන් ඇස්කන් නැති මිනිසුන් ලෙස පටු දේශපාලන මඩ ගොහොරුවක කුලල් කා ගනිමින් ජාතිය තව තවත් අනතුරට පත් වනතුරු බලා සිටිනවා.

ගිහින් බලන්න ඔබේ ගම බෙදිලා ඔබේ මිතුරන් බෙදිලා අපේ පන්සල් බෙදිලා අපේ සමාජය බෙදිල එකම දේශපාලන පක්ෂයක මිනිස්සු පුද්ගලයින් අනුව බෙදිලා බෙදෙන්න පුලුවන් හැම විදියකටම අපි බෙදිලා.

ඉතින් ජාතියක් දුර්වලවීම අහන්න දෙයක් ද සතුරු බලමුළු ශක්තිමත් වීම අරුමයක්ද මට තියෙන දුක මෙතරම් අනතුරු ගණනාවකට අපේ රට ජාතිය ශාසනය මුහුණ දෙමින් සිටින අවධියක අපේ සමාජයේ මේ දකින මහා භේද භින්න වීමයි.

අපි හේතුඵල වාදය අනුව හිතන්න පුරුදු කළ පරපුරක් ඒ අනුව ජීවිතය හැඩ ගසා ගන්න පුහුණු කළ පිරිසක් මේ ගැටලුව දිහා අපි බලන්නේ බැලිය යුත්තේත් එම පදනම සිටමයි මොකද හේතුඵල වාදය කියන්නේ සසරින් එතෙර වෙන්න විතරක් නෙවෙයි අභියෝගයට මුහුණදීම සඳහා වලංගු සදාතනික සත්‍යයක් නිසයි.

  • අපේ රට ජාතිය ආගම මුහුණ දෙන ගැටලුව අභියෝගය මොකක්ද?
  • මෙම ගැටළුවට හේතුව මොකක්ද?
  • මෙම ගැටළුවට හේතුව මොකක්ද?
  • අපි මේ සඳහා පිළියම් සෙවිය යුත්තේ ඇයි?
  • මෙම අභියෝගය ජය ගත හැකි මාර්ගය කුමක්ද?
  • අද අපි හමුවේ ඇති අභියෝගයක් වන්නේ ඉහත ගැටලුවලට පිළිතුරු සොයා ගැනීමයි.

අප මුහුණ දී ඇති අර්බුද

  1. ජාතික ආරක්ෂාවේ බිඳවැටීම
  • එකම රටේ විවිධ ජාතීන් විවිධ ආගම් අනුව වෙන වෙන නීතිරීති ක්‍රියාත්මක කරමින් සිංහල ජාතිය දුර්වල කිරීමට ඉඩ හැරීම.
  • ඉස්ලාම් අන්තවාදය හිස එසවීම සහ එය පාලනය කිරීමට අවශ්‍ය නීති රීති අණ පනත් ගෙන ඒම පමා කරමින් කරන කල් මැරීම.
  • හා නීති රීති වල සැර බාල කරමින් කරන ඇල් මැරීම.
  1. යළි හිස ඔසවන ද්‍රවිඩ බෙදුම්වාදය
  • කිසිදු බිය  හැකක් නැතිව උතුරේ දෙමළ දේශපාලන පක්ෂ වාර්ගික බෙදුම්වාදය වෙනුවෙන් එලිපිට පෙනී සිටිමින් ප්‍රවර්ධනය කරමින් සිටී. මෙම තත්වය පාලනය කිරීමට කිසිදු හරවත් වැඩපිළිවෙළක් අපට නැත.
  • සාමාන්‍ය ජනතාව මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු වලට විසදුම් සොයනවා වෙනුවට අපේ දේශපාලකයින් සිදුකරනුයේ උතුරේ ජාතිවාදී දේශපාලන නායකයින්ගේ ඉල්ලීම් ඉටු කරමින් වර්ගවාදය තවතවත් ප්‍රවර්ධනය වන්නට පරිසරය සැකසීමයි.
  • අප ජාතිය කොතරම් දින වී ඇද්ද කියතොත් ඇතැම් ප්‍රධාන දේශපාලන පක්ෂ අද සිය ජනාධිපති අපේක්ෂකයා පවා තෝරන්නෙ සම්බන්ධන්, බදුර්දීන්ට, හකීම්ට, මනෝ ගනේෂන් ට අවශ්‍ය පරිදි මිස සිංහල ජාතියේ උවමනාවන් ඉටු කිරීම වෙනුවෙන් නොවේ.

3.විදේශ ආර්ථික ආක්‍රමණය

  • ඇමරිකානු අතපෙවීම් සහ sofa ගිවිසුම.
  • ආර්ථික මර්මස්ථාන අත්පත්කර ගැනීමට ඉන්දීය රජය කරන බලපෑම් කොළඹ වරාය ත්‍රිකුණාමල වරාය පලාලි ගුවන්තොටුපල වැනි සෑම ක්ෂේත්‍රයකම තීරණ සඳහා ඉන්දීය  ඍජු ලෙස බලපෑම් කරමින් සිටී.
  • චීන ණය උගුල අපේ රටේ චීන කොලනියක් බවට පත්වන තරමට චීන ණය බරෙන් අපි කොටු වී සිටිමු. බොහෝ යටිතල පහසුකම් සඳහා මෙරට සේවය කිරීමට චීන,ඉන්දීය ජාතිකයින් පැමිණෙමින් සිටී.
  • අපේ රට ශ්‍රම වෙළෙඳපොළ දැවැන්ත චීන ඉන්දියානු ආක්‍රමණයකට ගොදුරු වෙමින් සිටී.

4. අරාබි තෙල් සහ වහල් සේවය.

කෙතරම් විශ්මකර්මයින් ලෙස පාරම් බෑවත් මැදපෙරදිග ගෘහ සේවිකාවන් ලවා ඉන් යැපෙන ආර්ථිකයකින් ඔබ්බට යමක් කිරීමට වසර හැත්තෑවක් මෙරට පාලනය කළ පක්ෂ අසමත් වී ඇත.

විකල්ප බලශක්ති සංවර්ධනය අඩපණ කොට අරාබි තෙල් වලින් යැපෙන බලශක්තිය ආකෘතියක් මෙරට නිර්මාණය කර ඇති අතර අප අරාබි තෙල් ආදිපත්‍යයක් ගොදුරක් වෙමින් පවතී.

5. බිඳවැටුණු කෘෂි ආර්ථික පද්ධතිය.

  • කෘෂිකර්ම ක්ෂේත්‍රය අඩපණ කොට, ග්‍රාමීය ගොවි ජනතාව දිළින්දන් බවට පත්කර ඇති අතර මෙම ආර්ථික මොඩලය රට දිනෙන් දින ස්වයංපෝෂිත ආර්ථිකයක් කරනවා වෙනුවට යැපුම් ආර්ථිකයකට තල්ලු කරමින් සිටී.
  • ඩොලර් බිලියන ගණන් පිටරට ණය වෙමින් මෙරට වගා කළ කී බොහෝ ආහාර වර්ග ආනයනය කරන ආර්ථික ආකෘතියක් මේ රටට බලහත්කාරයෙන් ආරෝපණය කර ඇති අතර එහි ප්‍රතිඵලය වී ඇත්තේ ග්‍රාමීය ආර්ථිකය බිඳවැටීම ආර්ථිකයට සක්‍රීය ලෙස දායක විය හැකි තරුණ කොටස් ඵලදායි නොවන වෙනත් සිල්ලර රැකියා සඳහා හුරු පුරුදු වීමයි.

6. අවිධිමත් අධ්‍යාපන ක්‍රමය

  • එක් පසෙකින් සුපිරි ජනප්‍රිය පාසල් සංස්කෘතියක් වේ. වත් පසෙකින් ජාත්‍යන්තර පාසල් හරහා නිර්මාණය වෙමින් පවතින බටහිර පන්නයේ අනාගත පරපුරකි.
  • සිංහල භාෂාවෙන් ඉගෙන ගන්න ග්‍රාමීය සිංහල ජනතාවගේ දරුවන්ට අනාගත ආර්ථික ඇති ඉඩප්‍රස්ථා ඉතා සීඝ්‍රයෙන් ඇහිරෙමින් පවතී.
  • අපි බොහෝ දේ දරුවන්ට කියා දෙන්නට උත්සාහ කරමු. වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට කියා නොදෙන එකම දෙය සිය දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරයයි. ඒ නිසා ම වෙහෙස වී වැඩ කිරීමට නොහැකි වෙහෙස වී වැඩ කිරීමට අකමැති mobile phone එකක screen එක දිහා බලන් ඉන්න පුරුදු වීම, යැපුම් අනාගත පරපුරක් අප නිර්මාණය කරමින් සිටිමු.

ඒ ඉතා නුදුරේම දැවැන්ත සමාජ ඛේදවාචකයක් බවට පත්වන ලකුණු දැනටමත් පහළ වී තිබේ.

අපි මෙම තත්ත්වය වෙනස් කළ යුත්තේ ඇයි

සිංහලයන්ට රටක් තිබුනි. එය වසර 2500කට පෙර ද තිබුනි. ඒ ඉස්ලාමය බිහිවන්නට පෙරය. ක්‍රිස්තියානි  හා කතෝලික ධර්ම බිහි වන්නට පෙරය. වසර 2500ක් බුදු දහම රැක්කේ සිංහලයන්‍ ය. ලෝකයට දායද කරන්න බුදු දහම රැක්කේ සිංහලයන්‍ ය. ඉදිරි වසර 2500 බුදු දහම රකින්න නම් සිංහලයා රැකිය යුතුය . සිංහලයා රකින්නට නම් සිංහලයාට රටක් තිබිය යුතුය.. අද අපට එය අහිමි කරන්නට කටයුතු කරමින් සිටී.. මුලින්ම සිංහලය නම් වූ අපේ රටේ නම  නැති කර ඇත. අසිංහල නගර හා ගම්, පාරවල් හදමින් තිබේ. අපේ නම් ගම් පවා අසිහංල කර අපේ චින්තනය, කෑම බිම, පවා අසිංහල කරමින් තිබේ. ව්‍ය්ව

එය කරන්නට අප ඉඩ නොදෙමු.. අප බලවත් වෙමු. අප නිර්භීත වෙමු.. අපට නැත්තේ එක්මුතු කම නැති කම පමණි.. ව්‍යවස්ථාව , ප්‍රජාතන්ත්‍රවාදය , ජන්ද ක්‍ර්මය ආදී වූ මේ සියලු අසිංහල ව්‍යුහයන් විසින් අපි ඉතා සූක්ෂ්ම  ලෙස අපව කොටවමින්. බෙදවමින් සිටී. මේ සියලු ජන්ද වලිනි අප අත්විදින්නේ එම යථාරතයයි..

අපව බෙදීම  ඉතා හොදින් සිදු කරමින් පවතී… එය අප ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ජන්ද ක්‍ර්මය, පාර්ලිමේන්තුව, පළත සභා, ප්‍රාදේශීය  සභා ලෙස අත් දකිමින් සිටි.

මේ ව්‍යුහයන් හරහා, නීත්‍යනුකූලව අපව බෙදීම අප විසින් වහ වහා නැවැත්විය යුතුය. 

අප එය කෙසේ හෝ කරන්නෙමු. එය මේ ජනාධිපතිවරනයේදී අපගේ මූලික වගකීම විය යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදය  යනු බහුතරයේ කැමැත්තට රට පාලනය කරන්නේ නම්  තොන්ඩමන් හා අෂ් රොෆ් අතීතයේදී රජුන් තනන්නා වූයේ ඇයි..? මහින්දට හා රනිල්ට රිෂද් පසු පස යන්න සිදු  වූයේ ඇයි?.

70% සිංහලයන්ට ජනාධිපති  කෙනෙක් පත් කරගන්න අපට බැරි ඇයි ?

ඒ ගැන අප සියලු දෙනා අවධානය  යොමු කල යුතුය..

සිංහලයා බලු කොට සිංහලයෙක් නාමිකව රජ විමේ පලක් නොමැත.

සිංහලය කිසි විටකත් නැති කල නොහැක.

——————————————————————

සිංහලයා බලු කොට  රජ වූ සිංහල පාලකයා  පසුගිය වසර 70 තුල අපේ  තරුණ පරපුරට ලබා දුන්නේ කුමක්ද?

අරාබියේ, කොරියාවේ ජපානේ රස්සාවල් නැතිනම් අපේ  තරුණයන්ට රස්සාවල් කෝ?

ත්‍රී වීල් නැතිනම් අපේ තරුණයන්ට රස්සාවල්  කෝ?

යුද්ධය  නැතිනම් අපේ තරුණයන්ට රස්සාවල්  කෝ?

හෙටක් ගැන හිතන්න බැරි රටක්…

ඉන්න හිතෙන්නේ  නැති රටක්.

මේ රටේ තරුණයන්ට 

මේ රටේ ඉගෙන ගන්න… උපාධිගන්න.. රස්සාවල් කරන්න,   රට හදන්න.. මේ රටේ ඉන්න, ජාත්‍යන්තරය ජයගන්න පුලුවන් 

සමාජයක් හදන්න මේ පාලකයින්ට  පසුගිය වසර 70 බැරි උනා..

විසඳුම කුමක්ද

අපේ ජාතියේ පරිහානියට ප්‍රධාන ම හේතුව වූයේ සිංහල ජාතියේ එදා තිබුණු අදත් තිබෙන බෙදීමයි.
රටේ රජු නිළමේවරුන් අතර බෙදීම හරහා 1815දී පේ රට ගිවිසුමකින් ඉංග්‍රීසීන්ට පාවා දීමට සිදු වූවා මෙන්ම අදත් බෙදී සිටින නායකයින් නිසා අපේ රට නැවතත් එම අගාධයටම තල්ලු වෙමින් තිබේ.
අප මුලින්ම සිදුකළ යුත්තේ ජාතිය සමග කිරීමයි.

එහිදී නිකාය පාර්ශව සංවිධාන අනුව බෙදී වෙන්වී සිටින සංඝ සමාජය එක් මතයකට එක් කඳවුරකට එක් පිලකට එකතු කිරීමත්.

පක්ෂ පාට කඳවුරු පිල්ල නොබිදී සිටින සිංහල ජාතික නායකයින් එක කඳවුරකට ගොනු කිරීමත් සිය දේශපාලන පක්ෂ සා නායකයින් අනුව යමින් බෙදී වෙන්වී සිටින සාමාන්‍ය සිංහල ජනතාව එක් මතයකට එක් කඳවුරකට ගොනු කිරීමත් අප වහ වහා කළ යුතුය.

එසේ ගොනු වීම සඳහා ජාතික වැඩපිළිවෙළක් අප රටට ඉදිරිපත් කළ යුතුව ඇත.

සැමට එකමුතුව සිංහල ජාතිය වෙනුවෙන් සිංහල ජාතිය සුරක්ෂිතභාවය වෙනුවෙන් අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට ජාතික න්‍යාය පත්‍රයක් අප පිළියෙල කළ යුතුය.

දැනටමත් ඒ සඳහා අවශ්‍ය මූලික ලියවිල්ල සකස් කර දළදා වහන්සේට පූජා කිරීම අප විසින් සිදු කරන්නට යෙදිණි.

ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ට ඉදිරිපත් කළ එම ලියවිල්ල කෑම එක රොදකට ජාතික සමුළුවේදී බෝගම්බර ප්‍රකාශය නමින් එළිදක්වන්නට යෙදිණි.

අද දින තරුණ සමුළුවේ රැස්ව සිටින ඔබටත් අප එම යෝජනාවලිය පිළිගන්වන්නේ ඔබගේද යෝජනා සහිතව ඉදිරියේදී අංගසම්පූර්ණ ලියවිල්ලක් ලෙස තික න්‍යාය පත්‍රය රටට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

ජාතික න්‍යාය පත්‍රයකට එකට ගොනු වුණු සංඝයා වහන්සේලාත් සමඟ එකට එක පෙළකට හිතගන්න ජාතික නයා ඉතින් සමූහයක් සමග මේ රටේ හෙට දවස යහපත් කරන්නට සුරක්ෂිත කරන්නට පිළිවන් වේ යැයි අප දැඩිව විශ්වාස කරමු.

ඒ සඳහා එක්වන ලෙස ඔබටත් ඔබ නියෝජනය කරන ගම කාර්යාලය ආයතනය සංවිධානය මිතුරු පිරිස් මේ සියල්ලම ජාතික ව්‍යාපාර වෙනුවෙන් බලමුළු ගන්වන ලෙස අපි ඔබට ආරාධනා කරමු.

t

o

p