ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 8 ක්

September 17, 2019

තායිලන්තයේ පතායා නගරයේදී ඇරඹෙන ලෝක ශුරතා බර ඉසිලීමේ තරගමාලාවට සුදුසු කම් ලබා සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 08 දෙනෙකුගෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා පිල එරට බලා පිටත් ව ගොස්ඇත . ලෝක ශුරතා බර ඉසිලීමේ තරග හෙට (18) සිට ලබන 27 වැනි දින දක්වා පැවැත් වීමට නියමිතය .

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින්  ඉසුරු කුමාර (කිලෝ ග‍්‍රෑම් 55 බර පන්තිය), තිලංග විරාජ් පළඟසිංහ (කිලෝ ග‍්‍රෑම් 61 බර පන්තිය), චතුරංග ලක්මාල්(කිලෝ ග‍්‍රෑම් 61 බර පන්තිය),සුදේශ් පීරිස් ( කිලෝ ග‍්‍රෑම් 73 බර පන්තිය), ඉන්දික දිසානායක (කිලෝ ග‍්‍රෑම් 73 බර පන්තිය) සහ චින්තන ගීතාල් විදානගේ (කිලෝ ග‍්‍රෑම් 81 බර පන්තිය) යන ක‍්‍රීඩකයින් සහ  හංසනී ගෝමස් (කිලෝග‍්‍රෑම් 49 බර පංතිය) සහ සී. වර්ණකුලසූරිය (කිලෝ ග‍්‍රෑම් 55 බර පන්තිය) ක්‍රීඩිකාවන් මෙවර තරගාවලියට සහභාගි වවෙති .

t

o

p