කැලණි, කළු, ගිං, මහවැලි සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම ඉහළට

September 17, 2019

දිවයින ආශි‍්‍රතව දැනට පවතින වැසි තත්ත්වය හේතුවෙන් කැලණි, කළු, ගිං, මහවැලි සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින අතර ලක්‍ෂපාන වාන් දොරටු 2ක් ද විවෘත වේ.කෙසෙල්ගමු ඔය පිටාර ගලා බගවන්තලාවේ පහත් බිම් යට වෙයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. එම ප‍්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිමී 100 – 150 ක පමණ තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

කැලණි, කළු, ගිං සහ මහවැලි යන ගංගාවන්හි සහ අත්තනගලූ ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවත්, එම ගංගා ආශ‍්‍රිත ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී ජලාශයට ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් බගවන්තලාව ප‍්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබිණි. කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම ඉහළ යෑමත් සමග කාසල්රී ජලාශයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව ජලාශය භාර ඉංජිනේරුවරු පැවසයි.

t

o

p