නෙළුම් කුලුන අද ජනතා අයිතියට

September 16, 2019

ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුවහන් කරමින් රුපියල් බිලියන 12ක වියදමින් නිම කරන ලද මීටර් 350ක් නොහොත් අඩි 1167ක් උස දකුණු ආසියාවේ විශාලතම සම්ප්‍රේෂණ කුලුණ නෙළුම් කුලුන අද ජනතා අයිතියට පත්වෙයි.

අධි තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගනිමින් අධි සුඛෝපභෝගී ලෙස නිමවා ඇති අද සුපිපෙන ආසියාවේ උසම නෙළුම, ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන වේගවත් ගමනට ආශිර්වාදයක් වනු නොඅනුමානය.

දැවැන්ත කුලුන නිර්මාණය කිරීම අති දැවැන්ත කාර්යයක් වූ අතර ඒ සඳහා චීන රජයට අයත් සමාගම් දෙකක් වන CEIEC සහ ALIT යන ආයතන දෙක මගින් සිය ඉදිකිරීම් දායකත්වය ලබා දී ඇත. ඉදිකිරීම් සම්බන්ධීකරණය ඇතුළු නෙළුම් කුලුනේ සියලු ම අයිතීන් පැවරෙනුයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටයි.

කොළඹ නෙළුම් කුලුන වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය මඟින් නව සමරු මුද්දරයක් සහ සිහිවටන පත්‍රකාවක් මෙන්ම මුල්දින කවරයක් නිකුත් කිරීමට නියමිතය.

t

o

p