නිකමුන් ලෙස උඩ බලාගෙන සිටි යුගයට නැවතීමේ තිත තබමු

September 15, 2019

ධීවර හා සංචාරක ව්‍යාපාරය මගින් ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති මත්ස්‍ය නිෂ්පාදනය අපනයනය සහ රටට අවශ්‍ය මත්ස්‍ය ඉල්ලුම සපුරාලීම මගින් නව රැකියා සහ නව ආදායම් උත්පාදනය ඉලක්ක කර කළපු සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර් ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අවධාරණය කළේය .

 මෙය අපේ ජනතාවගේ දෙපතුල ලගට පැමිණි සම්පතක් බැවින් මේ සම්පතින් රටට විශාල ආදායමක් වගේම අපේ ජනතාවටගේ ආර් ථික අවශ්‍යතා සපුරාලීම සදහා ලැබුණු වෙස්වලාගත් ආශීර් වාදයක් සේ සලකා  උපරිම ප්‍රතිලාභ රටට උරම කර දීම සදහා කටයුතු කල යුතු බවත් , එහිදී නිකමුන් ලෙස සිටිමින් අනුන්ට ගැරහීම පසෙක තබා සියළු දෙනා කැපවීමෙන් ලැබුණු අවස්ථාවෙන් උපරිම ඵල ලබාගැනීමට පෙරට ආ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සදහන් කළේය .

කළපු සංවර්ධන ව්‍යාපෘතිය පිළිබද මහජන අදහස් යෝජනා සහ අදහස් ලබාගැනීම මෙන්ම මෙම කළපු සංවර් ධන ව්‍යාපෘතිය පිළිබද ප්‍රදේශවාසීන් සහ ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සදහා රැකව කළපු කළමනාකරණ ප්‍රජා ශාලාවේදී පැවති සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මේ බව පැවසිය .

එම කළපු සංවර් ධන ව්‍යාපෘතිය මගින් පළමු අදියරේ තෝරාගත් කළපු 10 ක් ආශ්‍රිතව සංවර් ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතය . පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස පරිසර සංරක්‍ෂණයට ප්‍රමුකත්වය දෙමින් . එහි සියළු ප්‍රවේශ මාර් ග සංවර් ධනය, කලපුවේ රොන්මඩ ඉවත් කර මත්ස්‍ය ගහනයට හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම .

පාරම්පරික ධීවර කර් මාන්තය නැවත ආරම්භ කිරීම , ධීවර නිවාස සංවර් ධනය , සනිපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම , සමාජ ආර් ථික තත්වයන් නගාසිටුවීම , ධීවර කර් මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීම , සංචාරකයින් සදහා පහසුකම් සැලසීම වෙනුවෙන් ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ආධාර ලබාදීම , මත්ස්‍ය අභිජනනය , ඉහල ඉල්ලුමක් සහිත ඉස්සන් , මෝදා සහ කැකුළු වගාව ව්‍යාප්ත කිරීම , සංචාරක ආකර් ෂණය දිනාගත ගත හැකි ලෙස සංවර් ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම , සංචාරක බෝට්ටු සේවා ආරම්භ කිරීම , සංචාරක පහසුකම් වැඩි කිරීම , කලපුවේ මත්ස්‍ය අස්වැන්න අලෙවිය සදහා මිලදී ගැනීමේ වැඩපිළිවෙල සැකසීම සහ කළපු කළමනාකරණ කම්ටු පිහිටුවීම මෙම කළපු සංවර් ධන ව්‍යපෘතිය මගින් මුලිකව ක්‍රියාත්මක කෙරේ .

කළපුව වෙත පැමිණි දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යතුමා සංවර් ධන සැලසුම පිළිබද සොයාබලමින් එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය . මෙම නිරීක්‍ෂණ චාරිකාවට කළපු සංවර් ධන ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ , තංගල්ල සහකාර ධීවර අධ්‍යක්‍ෂ , ප්‍රදේශයේ ධීවර ප්‍රජාව සහ ධීවර සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

 මෙම කළපු සංවර් ධන ව්‍යාපෘතිය සදහා මුල් පියවර තබමින් පැවති රැස්වීමේදී ධීවර හා ජලජ සම්පත් සංවර් ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මෙසේද පැවසිය .”එදා අපි කුඩා කාලයේ මේ කලපුවල ඉස්සෝ කකුළුවෝ අපේ ගෙවල් වලට ලැබුනා . මේ කලපු ආශ්‍රිතව එදා ජා කොටු තිබුනා මට තාමත් මතකයි . ඒ ජා කොටු නැති  වුනා. මේ නැති වුනු ජා කොටු නැවත ඇති කරන්න මම මගේ ඔලුවට ගත්තේ කවද්ද .. 2016 මහා ජාල කදක් ඇවිත් අපේ පළාතේ පාලම්, බෝක්කු නැති වුනා . පාරවල් විනාශ වුනා .

එදා විනාශ වූ මැඩිල්ල පාලම හදන්න මම යෝජනා කළා . ඒ පාලම හරහා නිසි ලෙස ජලය ගලා නොයාම නිසා කලපුවේ ජලය හිරවෙලා මහා විනාශයක් වුනා වගේම කලපුවේ මත්ස්‍ය ගහනයත් විනාශ වන බව මම පෙන්වා දුන්නා . මේ අනුව මෝය කට පුළුල් කිරීම මම ආරම්භ කළා . ඒ මේ කලපුවට මුහුදු ජලය මිශ්‍ර කර ගනිමින් ජල පාලනය වගේම කලපුවේ මත්ස්‍ය කර් මාන්තය දියුණු කරන්නත් . මේ අනුව අපෙන් නැති වී ගිය ජා කොටු මත්ස්‍ය වගාව අනිවාර් යයෙන්ම නැවත ආරම්භ කිරීමට එදා නිලධාරීන්ට මම උපදෙස් ලබා දුන්නා .”

“කලපුව සංවර් ධනය කිරීම මගින් මේ පළාතේ සංචාරක කර් මාන්තයෙත් විශාල දියුණුවක් ඇති වෙනවා . ඒ නිසාම අපේ පළාතත් දියුණු වෙනවා . ඒ කියන්නේ ඔබ තමුන්නාන්සේලාට වැඩි ආදායමක් ලැබෙනවා කියන එකයි . ඒ වගේම මම ලබන මාසේ මුල්ගල් තියලා ඉදිකිරීම් ආරම්භ කරනවා නව ධීවර නැංගුරම් පලක් සදහා. ඒ වගේම මේ රැකව ආරම්භ කල ලංකාවේ ප්‍රථම මඩ කකුළු ගොවිපළ විවෘත කරන්නත් කටයුතු කරනවා .

මේ අනුව ධීවර කර් මාන්තය හා බැදුණු සංචාරක ව්‍යාපාරයට හොදම තැන මේ රැකව බවට වැඩි කාලයක් යන්නට මත්තෙන් පත්වෙනවා . එදාට ඔබලාට ධීවර කර්ම මාන්තයෙන් රිසි සේ ආදායම් උපද්දමින් නිරත වෙන්න පුළුවන් වගේම ඔබේ දරු මුණුබුරන්ට සංචාරක කර් මාන්තය හා එක්වෙමින් වැඩි ආදායමක් ලබන්නත් අවස්ථාව ලැබෙනවා .”

“කළපුව සංවර් ධනය කිරීමත් සමග පළමු පියවර ලෙස සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් බෝට්ටු 05 ක් යොදා එම සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරන්නත් අපි සැලසුම් සකස් කරලා තියෙන්නේ .ඒ සංචාරක බෝට්ටු සේවය මගින් සංචාරකයන්ට මේ ආසන්නයේ ඇති කුරුළු පාරාදීසයටත් යන්න පුළුවන් අවස්ථාව නිර් මානය  වෙනවා .  මේ සියළු සංවර්ධනකටයුතු වලින් ලැබෙන ප්‍රතිලාභ ගමට ලබාදෙන්න තමයි සැලසුම . ඒ මගින් නව රැකියා රැසක් ලැබෙනවා . වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් නිර් මානය වෙනවා . අවසානයේ රටට විශාල විදේශ විනිමයක් ලැබෙනවා .

සංචාරක කලාපයක් සෙල සංවර් ධන කටයුතු කිරීමේදී සංචාරක ආකර්ෂ ෂණය දිනාගත ගත හැකි ලෙස එම සංවර් ධන කිටයුතු කිරීම සදහා මම අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙන්නේ . ඒ වගේම කලපුවේ ඉස්සන් වගාව වගේම මෝදා මත්ස්‍ය වගාව සහ කකුළුවන් වගාවත් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර අවසන් . ඒ සදහා අවශ්‍ය පහසුකම් , දැනුම, පුහුණුව වගේම අධීක්‍ෂණය කරනවා .  මෙවැනි ව්‍යාපෘති ආරම්භ කරන්නේ ජනතාවට සහන ලබා දෙන්න වගේම ඒ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර් ධනය සදහායි .

මේ නිසා මේ කලපුව වටා ඉන්න සියළු දෙනාගේ නිවාස ගැටළුවට වගේම සනීපාරක්‍ෂක පහසුකම් වැඩි දියුණු කිරීම පිලිබදවත් නිලධාරීන් වැඩි අවදානයක් යොමු කල යුතුයි .සංචාරකයින් සදහා තම නිවසේ පහසුකම් ලබා දෙන්න පුළුවන් නම් ඒ සදහාත් අවශ්‍ය ආධාර ලබා දෙන්න කටයුතු කරන්න අපි සුදානම් . එ වගේම කාන්තාවන් සදහාත් ස්වයං රැකියා වැඩසටහනක් පවා මිට සමගාමිව ක්‍රියාත්මක කරන්න සැලසුම් සකස් කර අවසන් . ඒ ඒ කාන්තාවගේ හැකියාව , දක්‍ෂතාව අනුව නව නිර් මාන, නව ආදායම් උපද්දන කර් මාන්ත සදහා අපි සියලු පහසුඅකම් ලබාදෙන්න සුදානම් .

මේ සියළු සංවර් ධන කටයුතු පිලිබදව සෑම මසකට වරක්ම මට ප්‍රගතිය පිළිබද වාර් තාවක් ලබාදෙන්න කටයුතු කරන්න නිලධාරීන් වග බලාගන්න ඕනේ .ඒ වාර් තාවලදී  ගෙවුණු මාසයේ කලේ මොකක්ද . ඉදිරි මාසයේ කරන්නේ මොකක්ද යන්න අනිවාර් යයෙන්ම ඇතුලත් විය යුතුයි . මොකද මම ජනතාවත් සමග ඉන්න ඇමතිවරයෙක් , මම දැනගන්න ඕනේ මේවා ආරම්භ කළා වගේම ඒ කටයුතු නිසි ලෙස සිදු කෙරෙනවද කියලා . මොකද මම කවමදාවත් ජනතාව රවට්ටලා නැහැ . ජනතාව රවට්ටන්නෙත් නැහැ . ඒ නිසා මේ කටයුතු ජනතාවත් සමග සම්බන්ධ වෙලා ඒ අයගේ යෝජනා අදහස් පිලිබදවත් සැලකිල්ලට අරගෙන වඩාත් ප්‍රථිපල දායක ව්‍යාපෘතියක් නිර් මානය කරන්න ඕනේ .”

“මහා මුහුදෙන් වගේම මේ කළපු හා ජලාශආශ්‍රිතව ධීවර කර් මාන්තය වැඩිදියුණු කරලා රටට විශාල ආදායමක් වගේම රටේ ජනතාවගේ  මත්ස්‍ය අවශ්‍යතාව සපුරාලන්න අපි කටයුතු කරමින් ඉන්නවා . මොකද අපේ ජනතාව දිනෙන් දින කුරු මිනිසුන් බවට පත්වෙමින් ඉන්නවා . ඇයි මෙහෙම වෙන්නේ . අපේ ජනතාවගේ ප්‍රෝටීන ප්‍රමාණය නිසි ලෙස ලැබෙන්නේ නැහැ කියලා නවතම සමීක්‍ෂණ මගින් හෙළි කරගෙන තියෙනවා .

ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරන්නේ මත්ස්‍ය අනුභවයෙන් . නමුත් දිනෙන් දින ඒ මත්ස්‍ය අනුභවය අඩුවීම නිසා අපේ මිනිසා කුරු වෙමින් ඉන්නවා කියන එකයි ඒ සමීක්‍ෂණය මගින් හෙළි කරන්නේ . එහිදී අපිට තවත් විශාල අභියෝගයක් තියෙනවා මුහුදේ මත්ස්‍ය සම්පත දිනෙන් දින අඩුවෙමින් පැවතීම . මේ නිසා අපි වැඩි වැඩියෙන් කළපු හා ජලාශ ආශ්‍රිතව නැත්නම් කිවුල් දිය හා මිරිදිය ධීවර කර්මාන්තය වගේම ගොඩබිම මත්ස්‍ය වගාව දියුණු කරන්න කටයුතු කරන්න ඕනේ . ඒ අභියෝගයට මුහුණ දෙන්න මම සැලසුම් කර අවශ්‍ය කටයුතු මේ වෙන කොටත් ආරම්භ කරලයි තියෙන්නේ . මේ වැඩසටහන් මම ක්‍රියාත්මක කරන්නේ නව ආදායම් වගේම නව රැකියා උපද්දන නවෝත්පාදන ක්‍රියාවලියක් ලෙසයි .

ඒ මගින් ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීම සදහා ජනතාවගේ ඉල්ලුමට සරිලන මත්ස්‍ය නිෂ්පාදනයක් වගේම ධීවර ජනතාවගේ ආර් තිකය ශක්තිමත් කිරිමත් මේ මගින් නිර් මානය වන නව රැකියා සදහා තරුණ පරපුර යොමු කිරීම සදහාත් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි .”

“මහ මුහුදෙන් මාළුන් අල්ලන් කෑ යුගය මතම යැපෙන්න බැහැ . ලෝකයත් සමග අපි තරග කලයුතුයි . ඒ නිසා අපි ලෝකයේ අද වැඩිම ඉල්ලුමක් තියෙන්නේ මත්ස්‍ය සම්පතට . මේ සම්පත අපනයනය මගින් අපේ රටට විශාල ආදායමක් උපද්දලා දෙන්න අපිට පුළුවන් . නිකමුන් ලෙස සිටි යුගයට නැවතීමේ තිත තබමු . දැන් අනාගතය පිළිබද හිතලා ලෝකයත් සමග එකට යන්න පෙරට ආයුතුයි . අද ගේ මිදුලට මේ ආර්ථික සම්පත ඇවිල්ල තියෙන්නේ .

දෙපතුල ලගට අරගෙන ආ මේ සම්පතින් අපි අපේ ආර් තිකය ශක්තිමත් කරගෙන වඩාත් හොද ජිවිතයක් ගත කරමින් අනාගත පරපුරට යහපත් රටක් උරම කර දෙනවද , නැත්මන් තවත් උඩබලාගෙන ඉන්නවද කියන තීරණය ගන්න දැන් කාලය ඇවිත් . උඩබලාගෙන ඉදලා අනෙකාට ගරහන ජාතියක් වෙනවද කියන ගැටළුව අද දෙපා මුලටම ඇවිත් තියෙන්නේ . ඒ නිසා මේ ධීවර කර් මාන්තය  ස්වයං රැකියාවක් වගේම ගෙවතු වගාවක් ලෙසත් අමතර ආදායම් මාර් ගයක් ලෙසත් කරගෙන යන්න අවශ්‍ය සියළු ආධාර , පුහුණුව වගේම සියළු පහසුකම් ලබාදෙන්න සුදානම් “බවද  ධීවර හා ජලජ සම්පත් සංවර් ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සදහන් කළේය .

t

o

p